මෛත්‍රී -මහින්ද සාකච්ඡාවලට පෙරදිනයේ දී අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත් හා ඩිලාන් පෙරේරා යන මහත්වරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග රහසිගත සාකච්ඡාවක නියැලී බවට රාජ්‍ය බුද්ධි අංශ මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වාර්තා කර තිඛෙන අතර එම තත්වය තුල ඔවුන්ගේ පක්ෂපාතිත්වය සම්බන්ධව බරපතළ ගැටළු සහගත බවක් ඇතිවී තිඛෙන බව ප්‍රධාන පෙළේ දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි.
මේ කණ්ඩායම හා හිටපු ජනාධිපතිවරයා අතර වූ රහසිගත සාකච්ඡාව ගැන රාජ්‍ය බුද්ධි අංශ මඟින් වාර්තා කල වහාම පසුදිනට යෙදෙන මෛත්‍රී -මහින්ද සාකච්ඡාවට මෛත්‍රී පාර්ශ්වයෙන් ඉදිරිපත්වන නියෝජිත කණ්ඩායම අලූතෙන් නම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.
එහිදී ජනාධිපතිවරණයේදී තමන් සමඟ දේශපාලන පිල් මාරු කිරීමකට එක් වූ එම්.කේ.ඩි එස් ගුණවර්ධන,රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක හා ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් මේ සාකච්ඡාවේදී නියෝජිතයන් සේ එක්කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියාකර තිබේ.
මේ අතර, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 'පින් අගමැතිවරයකු' ලෙස සඳහන් කරමින් ඇමති ඩිලාන් පෙරේරා මහතා විසින් කර තිබූ ප්‍රකාශයක් ද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.
(දයා නෙත්තසිංහ)
Saturday, May 9, 2015
අනුර-සුසිල්-ඩිලාන්ගේ ඩබල් ගේම් ජනපතිට මාට්ටු !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment