ඇමරිකා එක්සත් ජනපදයේ නාසා පර්යේෂණ උද්‍යානයේ සින්ගියුලරිටි විශ්ව විද්‍යාලයේ (Singularity University, Nasa Research Park) 2015 උපාධි අධ්‍යන පාඨමාලාව සඳහා, ශ්‍රී ලාංකික තරුණ කාන්තාවක් වන නදීෂා චන්ද්‍රසේන මහත්මිය තෝරාගෙන තිබෙනවා.
මෙය ලොව පුරා සිටින නව නිපැයුම්කරුවන්, විද්‍යාඥයන්, ව්‍යවසායකයන් 80 දෙනෙකු තෝරාගෙන සති 10ක් පුරා පැවැත්වෙන ප්‍රායෝගික අධ්‍යන වැඩසටහනක්.
මෙයට තේරීපත්වීම වෙනුවෙන් ගූගල් සමාගමෙන් ඇමරිකානු ඩොලර් 29,500ක ශිෂ්‍යත්වයක් ද නදීෂාට හිමි වෙනවා. නදීෂා මෙම වැඩසටහනට තේරී ඇත්තේ ලොව පුරා අයදුම්කරුවන් 5000ක් අතුරින්. ලාංකිකයෙකු මෙම වැඩසටහනට තේරුණු පළමු අවස්ථාව ද මෙයයි.
තවත් අවුරුදු දහයකින් ලෝකයේ බිලියනයක් වූ මානව ප්‍රජාවගේ ජීවන තත්වය යහපත් ආකාරයෙන් වෙනස් කිරීම සඳහා කළ හැකි ව්‍යාපෘතීන් එළිදැක්වීම, මෙම වැඩසටහනේ අරමුණ වී තිබෙනවා.
නදීෂා සිය ආචාර්ය උපාධි පර්යේෂණය වෙනුවෙන් 2014 වසරේ දී “ඝණ අපද්‍රවණ වලට ඔරොත්තු දෙන වැහි වතුර කාණුව” නමින් ඉදිරිපත් කල නව නිපැයුම හරහා, ජනාකීර්ණ නගර වල වැහි වතුර කාණු, ඝණ අපද්‍රව්‍ය නිසා අවහිර වීම වැලැක්වීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නා.
විශේෂයෙන් දිළිඳු ජනාවාස පිහිටි ප්‍රදේශ වල ඇති වන හදිසි ගංවතුර තත්වයන්, එමඟින් මර්ධනය කර ගැනීමට හැකි වනවා. නදීෂාගේ මෙම නිර්මාණය ඉදිරි දස වසර තුල දී ආසියාවේ සහ අප්‍රිකාවේ ජනාකීර්ණ නගර වලට හඳුන්වාදීම අරමුණ වී තිබෙනවා.
නදීෂා චන්ද්‍රසේන මොරටුව විශ්ව විද්‍යාලයේ නගර හා ග්‍රාම නිර්මාණය පිළිබඳ මූලික උපාධිය ලබා ඇති අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ජල සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා තිබෙනවා. ඇය වෘත්තියෙන් වරළත් නගර නිර්මාණ ශිල්පිනියක්.
එමෙන්ම නදීෂා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු සේවා බළකායේ අධිකාරීලත් නිලධාරිනියක්. නදීෂා මේ වන විට මැලේසියාවේ පෙට්‍රොනාස් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යා ආචාර්ය උපාධිය හදාරමින් සිටිනවා.
අප වෙත අදහස් දැක්වූ නදීෂා,
“මම මේ තරඟයට අයදුම්පත් යොමු කරද්දි, එහි අවසාන දිනයට තිබුනේ දවස් 5ක් වැනි සුළු කාලයක්. ඉල්ලුම් කිරීමේ දී යූටියුබ් වීඩියෝවක් සහ මගේ නිපුණත්වය පිළිබඳ නිබන්ධන කිහිපයක් යැවිය යුතුව තිබුණා.
වැඩි කාලයක් නොතිබුණු නිසා මම වීඩියෝව පටිගත කලේ මගේ ජංගම දුරකතනයෙන්. මගේ ජීවිතය තුල මම ලැබූ ලොකුම ජයග්‍රහණ කිහිපයක් තිබෙනවා.
මම 2012දි කරපු පර්යේෂණයකින් පෙන්නුවා, යුධ හමුදාවේ ජල බිල්පත් වලින් 45%ක් අඩු කරන්න පුලුවන් බව. මේජර් ජෙනරාල් සුමිත් මානවඩු මහතා මැදිහත් වෙලා, මගේ ඒ නිර්දේශ ආදේශ කරලා හමුදා මූලස්ථානයේ ජල බිල්පත 55%කින් අඩු කලා.
ඒ වගේම මගේ ආචාර්ය උපාධි පර්යේෂණය වෙනුවෙන් මම කරපු නව නිපැයුමට මම පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කලා. ඒක කුණු හිර වුණත් වතුර බැස යන වැහි වතුර කාණුවක්. මේක ලොකු ජනගහනයක් වෙසෙන නගර වලට ආදේශ කලාම ගං වතුර අවම කරගන්න පුලුවන්.
මගේ ඒ ජයග්‍රහණ ඇතුලත් කරලා තමයි මම තරඟයට ඉල්ලුම් කලේ. මේ තරඟය තිබ්බේ ඉදිරි අවුරුදු 10 ඇතුලත ලෝකයේ මිනිස්සු බිලියනයකගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් අය හොයන්නයි. මගේ යෝජනා වලින් එහෙම වෙනසක් කරන්න පුලුවන් බව මම දැනගෙන හිටියා. ඉතින් මේ විදිහට තමයි මම මේ වැඩසටහනට තේරුණේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිමල් ගුණවර්ධන මහතා නිසා තමයි මම මේ පර්යේෂණ වලට යොමු වුණේ. මම එතුමන්ව මේ මොහොතේ දී ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා.”
ඇය මෙම වැඩසටහනට තේරී පත්වූවායින් පසුව, එම ආයතනය මඟින් ශ්‍රීලංකාව වෙනුවෙන් විශේෂ අවස්ථාවක් ලබා දී ඇති බව නදීෂා අප සමඟ වැඩි දුරටත් කියා සිටියා.
මේ අනුව ලංකාව නියෝජනය කරමින් තවත් එක් අයෙකුට මෙම වැඩසටහනට ඉදිරිපත් වීමේ අවස්ථාව ලැබී තිබෙනවා. එහි අවසාන දිනය වන්නේ මැයි 14 වන දා. පහත ලිපිනයෙන් එයට අයදුම් කරන්නට හැකියාව තිබෙනවා.
http://global.singularityu.org/sri-lanka/gic/
නදීෂාට Vigasapuwath වෙතින් උණුසුම් සුබ පැතුම්!
Source By : Gossip Asianmirror
Saturday, May 9, 2015
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment