පියුමිට බර අඩු කර මුහුණ සුදු කරන්න වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 8, 2015

පියුමිට බර අඩු කර මුහුණ සුදු කරන්න වෙලා

60පියුමි ශානිකා බොතේජු ගැන කවුරුත් කතා කරන්නේ ‘ස්නේහා’ ටෙලි නාට්‍යයේ ඇය රඟදක්වන ‘බූටි’ ගේ චරිතය නිසයි. ඇය මේ වනවිට නිවේදිකාවක, නිළියක ලෙස ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සුරූපිනියක්.

පියුමි පසුගිය දවස්වල විදේශීය සංචාර කීපයකටම සම්බන්ධ වුණා. ඒ අවුරුදු උත්සව අළලා සංවිධානය කෙරුණු ප්‍රසංග වෙනුවෙන්.‍ මේ දවස්වල අවුරුදු කෑම කාපු නිසා දෝ පියුමි තමන්ගේ ඇඟ කෙට්ටු කර ගන්න වෙහෙසෙන බවක් අපිට ආරංචි වුණා.
” අලුත් අවුරුද්දේ අලුත්ම ටෙලි නාට්‍යයකට මට ආරාධනා ලැබුණා. ඒ බුද්ධිනී ජයවර්ධන ගේ නව කතාවක් අනුව ඇයම නිර්මාණය කරන ටෙලි නාට්‍යයක්. මෙහි මගේ චරිතයට මම තව කෙට්ටු විය යුතුයි. ඒ නිසා මම මේ දවස්වල මගේ ඇඟ තවත් කෙට්ටු කර ගන්න ව්‍යායාම් කටයුතුවල නියැළෙනවා. ඒ වගේම පසුගිය අවුරුදු කාලයේ අබුඩාබි ගියා.
එහිදී අවුරුදු ප්‍රසංගයකට මමත් ගිරිරාජ් කෞෂල්‍ය අයියත් සහභාගි වුණා. එහිදී අපි දෙන්නටම අසනීප වුණා. මොකද ඒ රටේ මේ වකවානුවේ උශ්නත්වය ඉහළයි.
ඒ අව්ව දරා ගන්න බැහැ. මුහුණත් හොඳටම කළු වුණා. දැන් බර අඩු කර ගන්න වගේම මුහුණ සුදු කරගන්නත් සිදු වෙලා.”

Piumi Botheju AM Gossip 04 Piumi Botheju AM Gossip 03 Piumi Botheju AM Gossip 02Piumi Botheju AM Gossip 01

1 comment:

Post Bottom Ad