පියුමි පසුගිය දවස්වල විදේශීය සංචාර කීපයකටම සම්බන්ධ වුණා. ඒ අවුරුදු උත්සව අළලා සංවිධානය කෙරුණු ප්‍රසංග වෙනුවෙන්. මේ දවස්වල අවුරුදු කෑම කාපු නිසා දෝ පියුමි තමන්ගේ ඇඟ කෙට්ටු කර ගන්න වෙහෙසෙන බවක් අපිට ආරංචි වුණා.
” අලුත් අවුරුද්දේ අලුත්ම ටෙලි නාට්‍යයකට මට ආරාධනා ලැබුණා. ඒ බුද්ධිනී ජයවර්ධන ගේ නව කතාවක් අනුව ඇයම නිර්මාණය කරන ටෙලි නාට්‍යයක්. මෙහි මගේ චරිතයට මම තව කෙට්ටු විය යුතුයි. ඒ නිසා මම මේ දවස්වල මගේ ඇඟ තවත් කෙට්ටු කර ගන්න ව්‍යායාම් කටයුතුවල නියැළෙනවා. ඒ වගේම පසුගිය අවුරුදු කාලයේ අබුඩාබි ගියා.
එහිදී අවුරුදු ප්‍රසංගයකට මමත් ගිරිරාජ් කෞෂල්‍ය අයියත් සහභාගි වුණා. එහිදී අපි දෙන්නටම අසනීප වුණා. මොකද ඒ රටේ මේ වකවානුවේ උශ්නත්වය ඉහළයි.
ඒ අව්ව දරා ගන්න බැහැ. මුහුණත් හොඳටම කළු වුණා. දැන් බර අඩු කර ගන්න වගේම මුහුණ සුදු කරගන්නත් සිදු වෙලා.”
Real Gona looking
ReplyDeleteYes Gona.