කුමරියක් වූ වඳුරු පැටවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 8, 2015

කුමරියක් වූ වඳුරු පැටවා

tamplate-Recoveredබ්‍රිතාන්‍ය රජ පවුලේ නවතම සාමාජිකාව වන බිළිඳු චාර්ලට් කුමරියගේ නමින් වඳුරු පැටවෙකු නම් කිරීම නිසා බටහිර ජපානයේ සත්වෝද්‍යානයක මහත් කලබලයක් හටගෙන තිබෙනවා. 

අලුත උපන් වඳුරු පැටවෙකුට මෙම නම තබා ඇත්තේ පසුගිය බදාදා පැවති මහජන විමසුමකින්. වඳුරු පැටවාට “චාර්ලට්” යන නම තබා පැය කිහිපයක් යාමටත් මත්තෙන්, එයට විශාල මහජන විරෝධයක් ඇති වී තිබෙනවා.

වසන්තයේ ඉපදෙන පළමු වඳුරු පැටවාට නමක් යෝජනා කිරීමට ජනතාවට භාර දීම බටහිර ජපානයේ ඔයිටා සත්වෝද්‍යානයේ සිරිතක්ව පවතියි. 

ඒ අනුව පළමුවෙන් යෝජනා වී ඇති නම වන්නේ “එල්සා” වුවත්, බ්‍රිතාන්‍ය කුමරියට නම් තැබීමත් සමඟ බොහෝ දෙනා “චාර්ලට්” යන නම යෝජනා කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad