ඇමති රාජිතගේ පුතු ට එරෙහි පැමිණිල්ල විභාගයට ගනී - ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 8, 2015

ඇමති රාජිතගේ පුතු ට එරෙහි පැමිණිල්ල විභාගයට ගනී - ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය

ඇමති රාජිතගේ පුතු ට එරෙහි පැමිණිල්ල විභාගයට ගනී - ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය
ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුත් එක්සත් සේනාරත්න විසින් බාලවයස්කාර ගැහැනු ළමයකු බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් එම අධිකාරිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
මේ වසරේ මාර්තු මස 21 දින ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මේ සම්බන්ධ පැමිණිල්ල ලැබී ඇත.

මේ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ නීතිපති උපදෙස් ලබා ගැනීමටද තීරණය කර තිබේ.

පසුගිය මාර්තු 21දින ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මේ පිළිබඳ එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ප්‍රථම ගැහැනු ළමයාගේ මව්පියන් මාර්තු 16දා ඉල්ලා සිටියේ ඔවුන්ට සිය දියණිය දැකබලා ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසයි‍‍.

මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යංශ අදාළ ගැහැනු දරුවා මාර්තු මස 23දින ළමා කටයුතු රාජ්‍ය අංශයට කැඳවා ඇයගේ මව්පියන්ට මුණගැස්වීමට කටයුතු සූදානම් කර තිබුණි.

නමුත් එම මවුපියන් එම අවස්ථාවට සහභාගිවීම ප්‍රතික්ෂේප කළ අතර හේතු වශයෙන් දක්වා තිබුණේ මෙම සිදුවීමට අදාළ වෙනත් නීතිමය කටයුත්තක් කොළඹ මහාධිකරණයේ එම දිනවල ක්‍රියාත්මක වන බැවින් ඒ අවස්ථාවට සහභාගි විය නොහැකි බවය.

එහිදී එදිනම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් එම දියණියගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර ඇය ප්‍රකාශ කර ඇත්තේ තමා කිසිඳු ගැටලුවකින් තොරව ආරක්ෂිතව ජීවත්වන බවය.

තමන් එක්සත් සේනාරත්න සමඟ පිටත්ව ගියේ සිය කැමැත්තෙන් බවත්, තමා සම්බන්ධ සිදුවීමට ජනමාධ්‍ය හරහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීම නිසා තමන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවත් ඇය එහිදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකක නිලධාරින් හමුවේ ප්‍රකාශ කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad