කුරුණෑගල නගරයේදී හෙට (08) පැවැත්වීමට නියමිත රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව මීට පෙර ගෙන ඇති තීරණයට යටත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වන්නේ ඉදිරියේදී පැවැත්වෙන ප්‍රසිද්ධ රැස්වීම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් සන්ධාන පක්ෂ සමඟ පැවැත්විය හැකි බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඊයේ (06) පැවති සාකච්ඡාවේදී අවධානයට ලක්වූ බවයි.
ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රීලනිපයේ අනුශාසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සිදුවූ සාකච්ඡාවේදී පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ද සාකච්ඡා වූ අතර ඉදිරියේදී පැවැත්වෙන ප්‍රසිද්ධ රැස්වීම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් සන්ධාන පක්ෂ සමග පැවැත්විය හැකි බවටත් සාකච්ඡාවට බඳුන් වූ බව එම නිවේදනයේ දැක්වේ.
කෙසේවෙතත් එම නිවේදනය අවසානයේ මාධ්‍ය ප්‍රකාශක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස සටහන් කර තිබුණද එම තනතුරට අදාලව අත්සනක් තබා නොමැත. මේ පිළිබඳ ශ්‍රීලනිපයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ප්‍රකාශ කර ඇත්තේ එවැනි නිවේදනයක් නිකුත් කර ඇති බවත් පක්ෂ කාර්යාලයෙන් එය එවන්නට ඇති බවත්ය.
නමුත් ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ පිළිබඳ ප්‍රකාශ කර ඇත්තේ තමන් දැනුවත්ව එවැනි නිවේදනයක් නිකුත් කර නැති බවත් තමන් එය වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත්ය.

No comments:
Post a Comment