පොළොන්නරුවේ ගම් 04 ක් පාරේ / දුක අහන්න කවුරුත් නෑනේ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 7, 2015

පොළොන්නරුවේ ගම් 04 ක් පාරේ / දුක අහන්න කවුරුත් නෑනේ (VIDEO)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය ප්‍රදේශයේදී අද (07) මඩකලපුව - කොළඹ ප්‍රධාන මාර්ගය හරස් කරමින් වසර 40 ක සිට පීඩාවට පත් වූ ගම්මාන 04 ක 1000 කට අධික පවුල් සංඛ්‍යාවක ජනතාව සිය දුක කියන්න පැමිණියත් ඒ බව අසන්නට හෝ දකින්නට පොලිසිය හැර අන් කිසිවෙකු නොආ බව එහි සිටින අප වාර්තාකරු පැවසීය.

වසර 40 ක සිට අලි ප්‍රශ්නයෙන් සහ බොන්නට වතුර හෝ අනෙකුත් අවශ්‍යතා සඳහා ජලය ලබා ගැනීමේ දැඩි දුෂ්කරතාවයන්වලින් පෙළෙන රොට වැව, රත්මලේ, මහ රත්මලේ ආදී ගම්මාන කිහිපයක මෙම ජනතාව අද පැය 04 ක පමණ කාලයක් සිය දුක කියමින් සිටියත් ඊට කිසිදු බලධාරියෙකුගේ ඇස් ඇරුණු බවක් පෙනෙන්නට නොතිබිණි.

ඒ නිසාවෙන් විසඳුමක් සොයා ගමෙන් නගරයට ආ මෙම අසරණ ජනතාව යළි ගමටම හරවා අරින්නට පොලිසිය කටයුතු කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න.. 



පිපාසයට වතුර ඉල්ලන පොළොන්නරුවේ ජනයා..
Posted by News Album on Thursday, 7 May 2015

No comments:

Post a Comment

Post Bottom Ad