'විල්පත්තුවේ සිද්ධියට මම නෑ' - රිෂාඩ් ඇමති ධූරය අතහරි?  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 7, 2015

'විල්පත්තුවේ සිද්ධියට මම නෑ' - රිෂාඩ් ඇමති ධූරය අතහරි? 

'විල්පත්තුවේ සිද්ධියට මම නෑ' - රිෂාඩ් ඇමති ධූරය අතහරි? 
තමා විල්පත්තු ජාතික වනෝද්‍යානය එළිපෙහෙලි ජනතාව පදිංචි කර නොමැති බවත් එම චෝදනාව ඔප්පු කළහොත් තමා ඇමතිධූරයෙන් ඉල්ලා අස්වන බවත් වානිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ (07) වානිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ පිළිබඳ තමන් ඇත්ත දැනගැනීමේ අරමුණින් තමා සමඟ විල්පත්තු සංචාරයක් සඳහා එක්වන ලෙසද අමාත්‍යවරයා එහිදී මාධ්‍යවේදීන්ට ආරාධනා කළේය.

විල්පත්තු ජාතික වනෝද්‍යානය අසල ඉඩම්වල එම ජනතාව පදිංචි වන්නේ තමන්ට අයත්ව තිබූ භූමියේම බව ද මෙවැනි චෝදනා මගින් උත්සාහ කරන්නේ ආණ්ඩුව බිඳ වැට්ටීම බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර තමා විල්පත්තු ප්‍රදේශයේ පාකිස්ථාන ජාතිකයින් පදිංචි කර ඇති බවට නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් කිසිදු පුද්ගලයෙකු එලෙස පදිංචි කර ඇත්නම් ඔප්පු කරන ලෙසද තමා අභියෝග කරන බවත් සඳහන් කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad