කටාර් රාජ්‍යයේ සෙහෙලියා ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක ඇතිවු ගින්නකින් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද අවතැන් වී සිටිනවා. මෙම නිවාස සංකීර්ණය එරට පිරිසිදු කිරීමේ ආයතනයක සේවකයින් රැඳි සිටි එකක්.
ආහාර පාන සහ ඇඳුම් පැළඳුම් සපයා ගැනීම ද තමන්ට දුෂ්කර වී ඇතැයි අවතැන් වී සිටින පිරිස් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසිමක් කළා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පැවසුවේ අදාල ගින්න සම්බන්ධයෙන් තමන් වෙත ද වාර්තා වී ඇති බවයි. කෙසේවෙතත් වැඩි විස්තර තවමත් ලැබී නොමැති බවද ඔහු කියා සිටියා.
කටාර්හි නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් ලාංකිකයින් 350 දෙනෙක් අවතැන් වෙතිSinhala: http://wp.me/p5qkT7-eEOEnglish: http://goo.gl/wDZvZH
Posted by Newsfirst.lk on Saturday, May 9, 2015
No comments:
Post a Comment