ෆොන්සේකාගේ පක්ෂය සන්ධානගත වෙයි? - නිල සාකච්ඡා තවම නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 18, 2015

ෆොන්සේකාගේ පක්ෂය සන්ධානගත වෙයි? - නිල සාකච්ඡා තවම නෑ

ඉදිරි මහ මැතිවරණයේදී තම පක්ෂය තනිව තරග කිරීමට අදහස් කරගෙන සිටින බවත් ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට තම පක්ෂයට ශක්තිය ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායක කපිතාන් ගයාන් විතානගේ මහතා පැවසූවේය.

ඉදිරි මැතිවරණයට මුහුණ දීමට පක්ෂයේ සූදානම පිළිබඳ අප කළ විමසීමකදී ගයාන් විතානගේ මහතා පැවසූවේ පක්ෂයේ ක්‍රියාකාරීන් හමුවීම් පසුගිය මාර්තු මාසයේ අග පටන්ගෙන මැයි මාසයේ 13 වනතෙක් සාර්ථකව පැවැත්වූ බවත් එහිදී උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක හැර අනෙක් දිස්ත්‍රික්ක ආවරණය කළ බවත්ය. 

කෙසේ වෙතත් තවමත් පක්ෂය ලෙස තනිව තරග කරන තීරණයේ සිටින බවත් නමුත් ඉදිරියේදී කුමන දේශපාලන වාතාවරණයක් ඇතිවේද යන්න බලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

වෙනත් පක්ෂවලින් සන්ධානගත වීමට ආරාධන ලැබී ඇත්දැයි අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ “නෑ.නෑ. එක එක ගොසිප් නම් යනවා. නමුත් තාම හරි නිල වශයෙන් දෙයක් පටන් අරන් නෑ.“

තම පක්ෂයේ නායකත්වය ගත් තීරණයක් වැරදී නොමැති බවත් තීරණයක් ගෙන ඕනෑම දේකට මුහුණ දීමට පක්ෂය සූදානම් බවත් ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන පක්ෂයේ ජාතික සමුළුව සඳහාද සූදානම් වෙමින් සිටින බව ගයාන් විතානගේ මහතා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad