විවාහ මංගල්‍යක දී මනාලියගේ පාර්ශවයෙන් දෑවැද්දක් ලබා දීම, බොහෝ ආසියානු රටවල් වල සිරිතක්. දෑවැද්ද වෙනුවෙන් වැසිකිලියක් ලබා දීමේ මේ අපූරු පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ මහාරාශ්ට ප්‍රාන්තයෙන්.
මේ විවාහ උත්සවයට දින කිහිපයකට පෙර, තම අනාගත සැමියාගේ නිවසෙහි වැසිකිලියක් නොමැති බවයි, Chaitali Galakhe නමැති තරුණියට දැනගන්නට ලැබී ඇත්තේ. පසුව ඇය මේ පිළිබඳව තව දෙමාපියන්ට පවසා තිබෙනවා.
අවසානයේ දී මනාලියගේ පියා තීරණය කොට ඇත්තේ, තම දියණියගේ විවාහෝත්සවයේ දෑවැද්ද ලෙස ජංගම වැසිකලියක් තෑගි කිරීමට යි. මෙය, උත්සවයට පැමිණි පිරිස විමතියට ලක් කෙරූ සිදුවීමක් වී ඇති අතර, පසුව මනාලියගේ පියාට බොහෝ ප්‍රශංසා ලැබී ඇති බවයි සඳහන් වන්නේ. ඉන්දියාවේ බහුතරයක් නිවෙස් වල අදටත් වැසිකිලියක් දක්නට ලැබෙන්නේ නැහැ.
Monday, May 18, 2015
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment