පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා පිලිබඳ තීරණය කාතානායක චමල් රාජපක්ෂ මහතා විසින් හෙට (7) පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
කථානායකවරයා මේ පිළිබඳව සියලුම පක්ෂ නායකවරුන් සමග මේ වනවිටත් පුළුල්ව සාකච්ඡා කර ඇති අතර එම පක්ෂ නායකවරුන් තීරණයන් හා අදහස්ද විශේෂයෙන් සළකා බලා කථානායකවරයා මෙම තම තීන්දුව ලබාදීමට නියමිතය.
එසේම මෙම තීන්දුව ගැනීමේදී මෙරට පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා නීතිරීති පද්ධති වෙත විශේෂ අවධානයක් යොමුකිරීමටද කථානායකවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසන් නව රජයේ අමාත්‍යධුර භාර ගැනීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහකතා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් විපක්ෂනායක ධූරය පිළිබඳව පාර්ලිමේන්තුවේ මතු කළ කරුණකට අනුව කතානායකවරයා හෙට සිය තීරණය ලබා දීමට නියමිතය.
දිනේෂ්ට අත්සන් 58ක් :
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව වැඩිම පක්ෂ නියෝජනය වන විපක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයට අනුව විපක්ෂනායකවරයා නම් කළ යුතු බව කියමින් එක්සත් ජනතා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 58 දෙනෙකු විපක්ෂනායක ධුරය සඳහා මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සුදුසු බවට අත්සන් කරමින් කතානායකවරයාට අත්සන් ලේඛණය භාරදී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්ද විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතාම එම තනතුරට පත් කරන ලෙස ඉල්ලමින් අත්සන් ලෙඛණයක් කතානායකවරයාට භාර දී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසයි.
මෙම අත්සන් ලේඛනයට අනුව විපක්ෂ නායක ධුරය සඳහා වත්මන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නම ඉහළම කැමැත්තක් ලැබි ඇති බවද වාර්තා වේ.
Monday, April 6, 2015

විපක්ෂ නායක කවුද? තීන්දුව හෙට
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment