බෞද්ධ කොඩිය ගෞරවාන්විතව භාවිත කරන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 2, 2015

බෞද්ධ කොඩිය ගෞරවාන්විතව භාවිත කරන්න

වෙසක් දන්සල් ඇතුළු ආගමික වැඩසටහන් ඉතා ක්‍රමානුකූලව සිදු කරමින් සම්බුද්ධ තෙමඟු සමරන ලෙසත් බෞද්ධ කොඩියට අගෞරවයක් ඇති නොවන ලෙස‍ නිෂ්පාදනය කිරීම, අලෙවි කිරීම, භාවිතයේදී කටයුතු කරන ලෙසත් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා ඉල්ලා සිටි.

ජාතික උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අතර එහිදී ලේකම්වරයා මෙම ඉල්ලීම සිදු කළේය.

බදුල්ල දිස්ත්‍රික්කය මුල්කර ගෙන අඩුපාඩුකම් සහිත පන්සල් සහ දහම් පාසල් සඳහා ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත් පාසල් දරුවන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ පහන් කූඩු තරග, ශ්‍රමදාන වැඩසටහන් ආදීය පැවැත්වෙන බව ද ඒකනායක මහතා සඳහන් කළේය.
දන්සල් සඳහා බැතිමතුන් යොමු කරවා ගැනීම සඳහා බෞද්ධ කොඩිය වෙනුවට කහ කොඩියක් භාවිත කරන ලෙසත් ජනතාවගෙන් ඒ මහතා ඉල්ලා සිටියේය.

– News.lk

No comments:

Post a Comment

Post Bottom Ad