පියවරක් නොගන්නේ ගෝඨාභයට බය නිසා නොවේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 3, 2015

පියවරක් නොගන්නේ ගෝඨාභයට බය නිසා නොවේ…

මහින්ද රාජපක්ෂ පරිපාලනයේ ප්‍රධානීන්ට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීමේ ප්‍රමාදයක් පවතින්නේ යයි තමන් පිළිගන්නා බව අධිකරණ සහ කම්කරු සම්බන්ධතා පිළිබඳ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

එහෙත් එම ප්‍රමාදයට හේතුව ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිබඳව ආණ්ඩුවේ පවතින බියක් නිසා නොවන බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

“නෑ එහෙම බයක් නෑ. නමුත් පහුගිය කාලෙදී හිටපු ජනාධිපතිතුමාටයි, හිටපු ආරක්ෂක ලේකම්තුමාටයි ලොකු ජීවිත තර්ජන තිබුණා,” අමාත්‍යවරයා සඳහන් කළේය.

“ඉතින් ඒක නිසා ආණ්ඩුවක් එකපාරට වෙනස් වුන පලියට අපි දේශපාලන මතවාදය වෙනස් වුනයි කියල ඒ වගේ ආරක්ෂාවක් අපි ඉවත් කළොත්, ඒ තුල යම්කිසි ව්‍යසනයක් සිද්ද වුනොත් එක බරපතල ප්‍රශ්නයක් වෙනව ආණ්ඩුවට විතරක් නෙවයි රටටම.”

සිය ආණ්ඩුවට තවමත් කටයුතු කිරීමට සිදු වී තිබෙන්නේ පැරණි නිලධාරි තන්ත්‍රය සමඟ බව පවසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ, එබැවින් බොහෝ පරීක්ෂණ ප්‍රමාදවීම සම්බන්ධයෙන් ජනතාව නගන මැසිවිලි තමන්ට වැටහෙන බවද කියා සිටියේය.

“ප්‍රමාදය ගැන ප්‍රශ්නයක් තියෙනව. නමුත් අපි තාම අර පරණ එන්ජිම තමයි තල්ලු කරන්නේ ඉතින් එන්ජිමත් අලුත් කරන්න ඕන,” අමාත්‍යවරයා පැවසීය.

මැතිවරණ දින රාත්‍රියේ කුමන්ත්‍රණයක් දියත් කිරීමේ සැලසුම පිළිබඳ පරීක්ෂණවලට ආණ්ඩුව අත නොපවන බවද ඇමතිවරයා පැවසීය.

- BBC

No comments:

Post a Comment

Post Bottom Ad