යහපාලන අද මේ සරසවි සිසුන්ට එල්ල වන්නේ යහපාලන කඳුළු ගෑස්දැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ප‍්‍රශ්ණ කරයි.
මෙසේ ප‍්‍රශ්න කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනට අද(31) කොල්ලූපිටිය මංසන්දියේදී කඳුළුගෑස් ප‍්‍රහාරයක් හා ජල ප‍්‍රහාරයක් එල්ල කොට තිබිණි.
අධ්‍යාපන පෞද්ගලීකරණය, පාසල් සිසුන්ගෙන් මුදල් එකතු කිරීම නිත්‍යනුකූල කරමින් චක‍්‍රලේඛයක් නිකුත් කිරීම ඇතුළු නිදහස් අධ්‍යාපනයට එරෙහි වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ග රුසකට එරෙහිව මෙම පාගමන සංවිධානය කළ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසා තිබිණි.
පසුගිය ආණ්ඩුව සමයේදී ද මෙවැනි සිසු විරෝධතාවලට ඇතැම්විට ප‍්‍රහාරයන් එල්ලවිය. එම අවස්ථාවන්හිදී ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු වුවද අප සැමවිටම පෙනී සිටියේ සිසුනට තම සාධාරණ අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට ඇති අයිතිය උදෙසාය.
නිදහස් අධ්‍යාපනය පුමුඛ කොටගත් සිසු අයිතීන් රැකගැනීම වෙනුවෙන් සටන් වැදීමට සිසුනට ඇති අයිතිය කවදත් පිළිගත් දේශපාලන පක්‍ෂයක් වශයෙන් යහපාලන ආණ්ඩුවේ මෙම සිසු ප‍්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.
මෙම යහපාලන හවුලට අයත් දේශපාලන පක්‍ෂ එදා මෙවැනි සිදුවීම් හැඳින්වූයේ ‘ඒකාධිපති රෙජීමයේ’’ ‘සිසු මර්දනය’ ලෙසය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඔවුන් සපථ කොට කියා සිටියේ තම යහපාලනය යටතේ එවැනි තත්ත්වයක් කිසිසේත්ම ඇති නොවන බවය.
එහෙයින් ජනතා විමුක්ති පෙරමුණද නියෝජනය වන වත්මන් ආණ්ඩුවෙන් අප විමසා සිටින්නේ අද මේ සරසවි සිසුන්ට එල්ලවන්නේ යහපාලන කඳුළු ගෑස්ද, යහපාලන ජල ප‍්‍රහාරද කියාය.
විමල් වීරවංශ (පා.ම)
නායක
ජාතික නිදහස් පෙරමුණ.
Tuesday, March 31, 2015
අද ගහන්නේ යහපාලන කඳුළු ගෑස්ද? යහපාලන ජල ප‍්‍රහාරද?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment