ඡන්දෙට යන්නේ ‘අගමැති අපේක්ෂකයා’නම් නොකර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

ඡන්දෙට යන්නේ ‘අගමැති අපේක්ෂකයා’නම් නොකර

ඉදිරි මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව ශ්‍රීලංනිප භාණ්ඩාගාරික, නව කම්කරු ඇමැති එස්.බී. නාවින්න මහතා පවසා ඇත. 

ඇමැති ධූරයේ වැඩ බාරගැනීමෙන් පසුව වත්මන් දේශපාලනය පිළිබඳව අදහස් දක්වමින් ඇමැතිවරයා මේ ප්‍රකාශය කළේය. ඒ අනුව කවදාවත් අගමැති අපේක්ෂකයෙක් නම් කර ඡන්දයට යන්නේ නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා “අගමැතිකම දෙන්න ඉස්සෙල්ල පක්ෂය දිනන්න එපායැ. පක්ෂයක් ඡන්දෙන් දිනුවට පස්සේ එතන පක්ෂයේ ඉන්න සියලු දෙනා එකතුවෙලා තමයි අගමැති කෙනෙක් තෝර ගන්නේ. පක්ෂයේ වැඩි කැමැත්ත තියෙන කෙනා තෝරගන්නවා. 

ඔය ඔක්කොම එකතු වෙලා පක්ෂය දිනවන එකයි තියෙන්නේ. නැතුව යම් කෙනෙක් අගමැති කියල නම් කරල ඡන්දෙට ගියොත් ඔහුට අකමැති අය අපේ පක්ෂයට ඡන්දෙ නොදී ඉන්න පුළුවන්.” යනුවෙනි.

ඒ අනුව ඉදිරි මැතිවරණයට  ‘හොර නාමය’දා ගත්ත කාටත් වැට බැඳෙනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. “අපි අයින් කරන්න ඕන නැහැ. ඔය උසාවිවලින් ම අයින් වේවි. උසාවි හිරේ ගිය අයට උසාවියෙන් දඬුවම් ලැබූ අයට ඡන්දෙ ඉල්ලන්න බැහැනේ.”යනුවෙන්ද පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad