දවල්ට කන්න පන්සල්වලට රිංගන හිටපු ඇමති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

දවල්ට කන්න පන්සල්වලට රිංගන හිටපු ඇමති

පැපිළියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙනෙහි අද (31) දහවල් මාධ්‍ය හමුවක් පැවැත්වුණා. 

එය සංවිධානය කර තිබුණේ භික්ෂු සංවිධාන කිහිපයක් විසින්. මාධ්‍ය හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට දිවා ආහාරයද දාන ශාලාවේ සූදානම්කර තිබුනා.

මාධ්‍යවේදීන් දාන ශාලාවට ගොස් දිවා ආහාරය බෙදාගනිද්දී හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද තවත් කිහිප දෙනෙකු සමගින් දාන ශාලාවට පැමිණියේ දිවා ආහාරය ගැනීම සඳහාය. 

ගුණවර්ධන මහතා මාධ්‍යවේදීන් සමග කතාබහ කරමින්ම දිවා ආහාරය බෙදා ගන්නා අතරතුර පැවෂුවේ "දැන් ඉතින් ආණ්ඩුවත් නැහැනෙ. කෑම බීමත් ටිකක් අමාරුයි. ගෙවල් ලඟ නිසා මමත් සමහර දවස්වලට කන්නෙ පන්සලෙන්" යැයි කියාය.

ඒ කතාව ඇසූ මාධ්‍යවේදීන් රුපියල් 2500න් තුන්වේලක් කෑ හැකිබව කී බන්දුල ගුණවර්ධනට මන්ත්‍රී පඩියෙනුත් තුන්නවේල කන්නට බැරි මොකදැයි එතැන සිටි මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් එකිනෙකාගෙන් විමසනු ද දක්නට ලැබුණා.   

දිවා ආහාරය සඳහා සුදු බත් පරිප්පු මැල්ලුම් කරවල බැදුම ගෝවා සහ පපඩම් ද අතුරුපස සඳහා  කෙසෙල් ගස්ලබු සහ යෝගට් සූදානම් කර තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad