දැන් ශ‍්‍රීලංකා මන්ත‍්‍රීවරුන් කර කියා ගන්න දෙයක් නැතිව පෙරේතයා පොළොවෙ ගැහුවා වගේ තැන තැන වැටී ඉන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.
අකුරැස්සේදී ජනහමුවක් අමතමින් ඔහු මෙසේද කියා සිටියේය. ‘මහ මැතිවරණයෙන් පස්සෙත් විපක්ෂ නායක ලෙස ඉන්න නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා බලාපොරොත්තු වෙනවා.
එතුමාට අගමැති වෙන්න මේ කපේදිවත් බෑ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඹ අදිනවා. දින 100න් පස්සේ තියෙන රේස් එකෙනුත් දිනන්නේ එක්සත් ජාතික පක්ෂය තමයි.
සමහරු ආයෙත් මහින්ද මහත්තයා ගේන්න හදනවා. සිරිපාල මහත්තයා කීයටවත් ඒකට කැමැති වෙන්නේ නැහැ. දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය කරකියාගන්න දෙයක් නැතිව පෙරේතයා පොළොවෙ ගැහුවා වගේ ඉන්නවා’
Tuesday, March 3, 2015
දිනන්නේ එජාපයයි.. ශ‍්‍රීලංකා කාරයෝ පෙරේතයා පොලොවේ ගැහුවා වගේ ඇද වැටිලා
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment