ඕනෑම විදුලි වේග න්‍යෂ්ටික ප‍්‍රහාරයකට මුහුණදීමට රුසියාව සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 3, 2015

ඕනෑම විදුලි වේග න්‍යෂ්ටික ප‍්‍රහාරයකට මුහුණදීමට රුසියාව සූදානම්

රුසියාවට එරෙහිව එල්ලවිය හැකි  ඕනෑම විදුලි වේග න්‍යෂ්ටික මිසයිල ප‍්‍රහාරයක් ඉදිරියේ රට ආරක්‍ෂා කරගැනීමට රුසියානු උපායමාර්ගික මිසයිල හමුදාව සූදානම් බව එහි මධ්‍යම විධානයේ ප‍්‍රධානි ඇන්ඩෙ‍්‍රයි බර්බින් පවසා ඇතැයි වාර්තා වේ.  

එවැනි අධිවේගී ප‍්‍රහාරයක් නිශ්චිත කාලයක් ඇතුළත පරාජය කළ හැකි බව ඔහුගේ අදහසයි.රුසියාව න්‍යෂ්ටික ප‍්‍රහාරයකට මුහුණ දුනහොත් නොපැකිළව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමටද උපායමාර්ගික මිසයිල හමුදාව සූදානම් බව බර්බින් පවසා තිබේ.

රුසියාව තුළ මිසයිල ඒකක ස්ථාපිත කළ ඇති භූගෝලීය පිහිටුම් පිළිබඳව සඳහන් කරමින් ඔහු පවසා ඇත්තේ  ඕනෑම ගෝලීය ප‍්‍රහාරයකින් ඒවා විනාශ කළ නොහැකි බවයි.

2020 වන විට මිසයිල ප‍්‍රහාර ඒකකවලින් 98%ක්ම අළුත් ඒවා වනු ඇති බව ඔහු සඳහන් කර ඇත.  නේටෝව විසින් රුසියානු දේශසීමා ආසන්නයේ සිය හමුදා ඒකක ස්ථාපිත කරමින් ඇති අතර පසුගිය වසරේ පමණක් නේටෝව මිලිටරි අභ්‍යාස 200ක් පමණ සිදුකර ඇතැයි පැවසේ.

එම සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටොලන්බර්ග් පවසා ඇත්තේ එවැනි හමුදා අභ්‍යාස දිගින් දිගටම සිදුකරන බවයි.  නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන් 6ක විධාන හා පාලන ඒකක ස්ථාපිත කරන බවද ස්ටොලන්බර්ග් විසින් පසුගියදා පවසනු ලැබිණි.

රුසියාව විසින් නේටෝවේ ක‍්‍රියාකලාපයන් විවේචනය කර ඇති අතර නේටෝවේ හමුදා ශක්තිමත් කිරීම් රුසියානු ජාතික ආරක්‍ෂාවට එරෙහි ප‍්‍රබලතම තර්ජනයක් ලෙසත් නම් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad