ගූගල් වැනි අන්තර්ජාල දැවැන්තයින්ට ඉරානය තුළ කටයුතු කිරීමට අවසර දීම පිළිබඳව එරට රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
සන්නිවේදන නියෝජ්‍ය අමාත්‍ය නස්රුල්ලා ජහාන්ගාඞ් පවසා ඇත්තේ සිය අන්තර්ජාල වෙළඳපොළ විවෘත කිරීමට ඉරානය සූදානම් බවයි.
අන්තර්ජාල සමාගම් ඉරාන සංස්කෘතික කොන්දේසිවලට එක`ගවන්නේ නම් ඉරානය තුළ කටයුතු කිරීමට කැමති සේවා සපයන්නන් සමග සාකච්ඡ කරන බව ඔහු පවසා තිබේ.
කෙසේවෙතත් ඉරානයේ ආන්දෝලනාත්මක න්‍යෂ්ටික වැඩසටහනට අදාලව පණවා ඇති ඇමරිකානු සම්බාධක හේතුවෙන් ඉරානයේ කටයුතු කිරීමට කැමති ඇමරිකානු සමාගම් වලට බාධා පැමිණිය හැකි බව ජහාන්ගාඞ් පවසා ඇත.
නමුත් ඇමරිකාවෙන් පරිබාහිර අන්තර්ජාල සමාගම් සමග මේ වන විටත් සාකච්ඡ ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කර ඇතැයි පැවසේ.
ඉරානය තුළ පණවා ඇති අන්තර්ජාල වාරණයන් ඉවත් කිරීමට ඉරාන ජනාධිපති හසාන් රුහානිගේ සහය හිමිවී ඇති අතර කන්සර්වේටිව් දැඩි මතධාරීන් අමතමින් ඔහු පවසා ඇත්තේ අන්තර්ජාලය තර්ජනයක් ලෙස සලකනු වෙනුවට එය වැළඳගත යුතු බවයි.
ආක‍්‍රමණශීලී සහ සාපරාධී අන්තර්ගතයන් ඉවත් කිරීම සඳහා අන්තර්ජාල පෙරහනක් වර්ධනය කරමින් ඇති බව පසුගිය නොවැම්බරයේදී සන්නිවේදන අමාත්‍ය මහමුද් වයෙස් පවසා තිබේ.
Tuesday, March 3, 2015
අන්තර්ජාල දැවැන්තයින්ට ඉරානයේ දොර ඇරේ
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment