ඉදිරි මහ මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට මෙරට ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමග එක්සත් ජාතික පක්ෂය පැවැත් වූ සාකච්ඡා සාර්ථක වී ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස මෙලෙස එක් වීමට නියමිතව ඇත්තේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතායි.
මෙම සාකච්ඡා ක්‍රිකට් ලෝක කුසලානයට පෙර පැවැත්වී ඇති අතර ඊට එජාපයේ ඉහළම පෙළේ දේශපාලනඥයින් එක් වී ඇත. මේ අතරම පැවැති ජනාධිපතිවරණ සමයේ එජාප ෆේස්බුක් හා සමාජ ජාල ප්‍රවර්ධන වැඩසටහන සඳහා එක් වූ තුෂාර වන්නිආරච්චි ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට ගෙන ඇති තීරණයද තව දුරටත් මෙම සාකච්ඡාවේදී තහවුරු වූ බවත් සඳහන්.
තුෂාර වන්නිආරච්චිගේ සබඳතාවයක් මත කුමාර් සංගක්කාර ද මෙම යෝජනා සඳහා එකඟ වී ඇති බවත් එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
කෙසේවෙතත් මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය අවසන් වන තෙක් මෙම සාකච්ඡා අනාවරණය නොකිරීමටද පක්ෂය තීරණය කර ඇති බවයි පක්ෂ අභ්‍යන්තර අරංචි මාර්ග සඳහන් කළේ.
asianmirror
Friday, February 27, 2015
කුමාර් සංගක්කාර UNP පක්ෂයෙන් දේශපාලනයට
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment