ඝාතන දෙකයි අතුරුදහන්වීම් එකයි - යළි මුළ සිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 27, 2015

ඝාතන දෙකයි අතුරුදහන්වීම් එකයි - යළි මුළ සිට

අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වෂීම් තාජුඩීන්, අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු පරීක්ෂණ යට ගැසී තිබූ අපරාධ සිද්ධි ගණනාවක යළි පරීක්ෂණ කිරීමට රහස් පොලිසියට බාර වී ඇත.

එම පරීක්ෂණ නැවත විභාග කිරීමට ඊට පෙර එම පරීක්ෂණ සිදු කළ පරීක්ෂණ නිලධාරීන් ඉවත් කර වෙනත් පරීක්ෂණ කණ්ඩායම් යෙදවීමටද පියවර ගත් බව පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා පැවසීය.

එහිදී අපරාධ ගණනාවක පරීක්ෂණ වාර්තා නීතිපතිවරයා වෙත නීතිපති උපදෙස් ලබාගැනීමට යවා ඇතත් මාස ගණන් ගත වී ඇතත් ඇතැම් පරීක්ෂණ වාර්තාවලට නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබී නැති බව අනාවරණය වී තිබේ.

රගර් ක්‍රීඩක වෂීම් තාජුදින්ගේ මරණය සිදු වී වසර දෙකහමාරක් ගත වී ඇත. එය ස්වභාවික මරණයක් බව පසුගිය කාලයේ ඇතැම් පිරිස් පෙන්වාදීමට උත්සාහ කළත් එය ස්වභාවික මරණයක් නොවන බව අනාවරණය වී ඇත.

2009 ජනවාරි 8 වැනිදා ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළ පරීක්ෂණ ගල්කිස්ස පොලිසියෙන් පැවැත්වුණි.ඒ සම්බන්ධව අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙක් මිය ගිය අතර ‍අනෙක් සැකකරු මුදාහැර ඇත.

මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මෙතෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කළ සියලු වාර්තා රහස් පොලිසිය මඟින් යළි විමර්ශනය කර පරීක්ෂණ කටයුතු වෙනත් ආකාරයකින් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad