IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය මගින් ඝාතනය කරනු ලැබූ මාධ්‍යවේදීන්ගේ ගෙළ සිඳ දමන වීඩියෝ දර්ශන කිහිපයකම පිහියක් අතැතිව පෙනී සිටි ජිහාඩ් ජෝන් නමින් ප්‍රසිද්ධ පුද්ගලයා හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජිහාඩ් ජෝන්ගේ සත්‍ය නම මොහොමඩ් එම්වසි (Mohammed Emwazi)වන බව ද එම වාර්තාවල සඳහන්.
IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය මගින් ගෙළ සිඳ දමා ඝාතනය කළ ඇමෙරිකානු ජාතික ජේම්ස් ෆොලී, බ්‍රිතාන්‍ය ජාතික ඇලන් හෙනින් සහ ජපාන ජාතික මාධ්‍යවේදී කෙන්ජි ගෝටෝ ඝාතනය කරන දර්ශන ඇතුළත් වීඩියෝ පට වල පෙනී සිටින්නේ ද ජිහාඩ් ජෝන් බව සොයාගෙන තිබේ.
මොහොමඩ් එම්වසි බටහිර ලන්ඩන් නගරයේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බවට වාර්තා වේ.
Friday, February 27, 2015
බෙලිකපන ISIS සමාජිකයා හඳුනාගනී (video)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment