ජාතික ආණ්ඩු ගැන කතා කරන්න කලින් ශ‍්‍රී.ල.නි.ප.ය පාක්ෂිකයන් රැක ගැනීමට ප‍්‍රමුඛත්වය ලබා දිය යුතුව ඇතැයි බස්නාහිර පළාත් මහඇමති ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ යහ පාලන ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම් හේතුවෙන් ශ‍්‍රී.ල.නි.ප.ය පාක්ෂිකයන් තවමත් අසරණ වෙමින් පවතින බවයි.
දිවුලපිටිය ලං.ග.ම ඞීපෝවේ රියදුරෙකුට ජාතික සේවක සංගමයට සම්බන්ද පිරිසක් පහර දීමේ සිද්ධිය පිළිබදව මාධ්‍යට අදහස් දක්වමින් රණතුංග මහතා මේ බව සදහන් කලේය.
පහර දීමෙන් තුවාල ලැබූ හෙක්ටර් කුමාර මහතා මේ වන විට දිවුලපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබයි. ඔහුගේ හිසට තුවාල සිදුවී තිබේ. ජාතික සේවක සංගමයට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙක් දිවුලපිටිය ඩිපෝව තුල විවිධ මැර ක‍්‍රියා සිදු කරන බව හෙක්ටර් කුමාර මහතා මහ ඇමතිවරයාට කියා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසියටද පැමිණිලි කර තිබේ.
දිවුලපිටිය ඩිපෝවේ සහකාර කළමනාකාරවරයා වන ඞී.ආර්.සී ජයරත්න මහතාද පවතින තර්ජන හමුවේ ඇති වූ මානසික ආතතිය හේතුවෙන් රෝහල් ගත වී ඇත.
රණතුංග මහතා ඔවුන් දෙදෙනාගේම සුවදුක් බැලීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූයේ ආණ්ඩුවේ යහ පාලන පොරොන්දුව දැන් රෙද්ද පල්ලෙන් බේරෙන බවයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහ පාලනය පිළිබදව විවිධ පොරොන්දු දුන් ආණ්ඩුව එම පොරොන්දු ජනතාවගේ දෙනෙත් ඉදිරිපිටම සුනු විසුනු කරමින් තිබෙන බවද මේ සිද්ධිය ඉතා හොද සාධකයක් වන බව රණතුංග මහතා වැඩි දුරටත් කියා සිටියේය.
ප‍්‍රදීප් අනුර කුමාර
Saturday, February 28, 2015
Home
දේශපාලන පුවත්
යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙනවා.. ජාතික ආණ්ඩු ගැන කතා කරන්න කලින් ශ‍්‍රිලනිපය රැකගත යුතුයි..
යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙනවා.. ජාතික ආණ්ඩු ගැන කතා කරන්න කලින් ශ‍්‍රිලනිපය රැකගත යුතුයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment