ෆේස්බුක් වෙබ් අඩවිය විසින් එහි සාමාජිකයින්ට රිසි පරිදි තම ලිංගිකත්වය සඳහන් කිරීමට අවසර ලබාදී ඇතැයි වාර්තා වේ.
මේ වන විට ෆේස්බුක් විසින් ලබාදෙන ලිංගිකත්ව ආකාරයන් 58 තම ස්වභාවය පළකිරීම සඳහා ප‍්‍රමාණවත් නොවන බවට නැගුණු මැසිවිලි මත මේ සඳහා ඉඩකඩ විවර කිරීමට සමාජ ජාල දැවැන්තයා විසින් තීරණය කර ඇතැයි පැවසේ.
ෆේස්බුක් වෙබ් අඩවියේ විවිධත්ව කණ්ඩායම පවසා ඇත්තේ තමන්ගේ සත්‍ය ලිංගිකත්වය දැකිය හැකි නිශ්චිත පුද්ගලයින් නම් කිරීමටද අවස්ථාව ලබාදී ඇති බවයි.
ඇතැම් පුද්ගලයින් වෙත තමන්ගේ සැබෑ ලිංගික අනන්‍යතාවය අනාවරණය වීම අනතුරුදායක බව ෆේස්බුක් භාවිතාකරන්නන් පැමිණිලි කර තිබීම එයට හේතුවයි.
මෙමගින් නව සංවාදයක් ආරම්භ වනු ඇතැයි ෆේස්බුක් විවිධත්ව කණ්ඩායමේ පාරලිංගික සාමාජිකයකු වන අරී චිවුකුලා පවසා තිබේ.
සමාජය විසින් ගොඩනැගූ පිරිමි සහ ගැහැණු ද්විත්වය වෙතින් නිදහස ලබාගැනීමට ජනතාව තවමත් සටන් වදිමින් සිටින අතර මෙලෙස තමන්ගේ අනන්‍යතාවය ප‍්‍රකාශකිරීමට නිදහස දීම විප්ලවීය ජයග‍්‍රහණයක් බව ස්ටෑන්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ ලිංගික අනන්‍යතා පර්යේෂක ඇලිසන් ෆොගාර්ටි පවසා ඇත.
ඇමරිකාව තුළ මේ වන විට පාරලිංගික පුද්ගලයින් ලක්‍ෂ 7ක් පමණ ජීවත්වන අතර සැත්කම් මාර්ගයෙන් ලිංගිකත්වය වෙනස් කරගත් පුද්ගලයින් මෙන්ම උපතින් ලැබුණු ලිංගිකත්වය අතහැර දමා ජීවත්වන පිරිස්ද මේ අතර වෙතැයි පැවසේ.
Saturday, February 28, 2015
තමන්ට අවශ්‍ය පරිදි ලිංගිකත්වය සඳහන් කිරීමට ෆේස්බුක් වෙතින් අවසර
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment