”එයා අපේ පැත්තට ආවොත් මිසක් ජෙනරාල්තුමා ඒ පැත්තට යන්නෙ නැහැ” (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 23, 2014

”එයා අපේ පැත්තට ආවොත් මිසක් ජෙනරාල්තුමා ඒ පැත්තට යන්නෙ නැහැ” (VIDEO)

මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දක්වමින් ඊයේ මහනුවරදී  සම්මන්ත්‍රණයක් පැවත් විය. 

එම සම්මන්ත්‍රණය අමතමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අනෝමා ෆොන්සේකා මහත්මිය පවසුවේ,  සරත් ෆොන්සේකා මහතා කිසි දිනෙක වත්මන් ආණ්ඩුවට එක් නොවන බව ය.

"මේ ළඟදී මං දැන් තව ත් කතාවක් යයි. මේක මේ ඊයේ ඉඳලා මං හිතන්නේ වෙබ් සයිට්ස්වලත් තියෙනවා. හැම තැනම කතාවක් යනවා අපේ ජෙනරල්තුමා ආණ්ඩුවට යනවැයි කියලා. ඒක මහ විහිළුවක්.  මං මේ මේක කියන්නම හිතුවා මොකද මේක කවදාවත් මේ. අපි පාලකයා අපේ පැත්තට ආවොත් මිසක් ජෙනරල්තුමා නම් කවදාවත්  ඒ පැත්තට යන ජාතියේ එක්කෙනෙක් නෙමෙයි. ඒක මං කියන්නම ඕනේ. මේ අධර්මිෂ්ඨ රජයට එතුමා කවදාවත් එකතුවෙන්නේ නැ කියන බව මට සහතික කරලා කියන්න පුළුවන්."

කාන්තාවන් වෙනුවෙන් යහ පාලනයක් ගොඩනගමු යනුවෙන් නම් කර තිබූ මෙම සම්මන්ත්‍රණය ලක්වනිතා පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබ තිබිණ.

No comments:

Post a Comment

Post Bottom Ad