සචින්ට ලෝක කුසලාන තානාපති ධුරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 23, 2014

සචින්ට ලෝක කුසලාන තානාපති ධුරයක්

එළැඹෙන ලෝක කුසලාන එක්දින තරගමාලාවේ තානාපති ලෙස හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩක සචින් තෙන්ඩුල්කර් පත්කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි. 

අයි.සී.සී.‍යේ ප්‍රධාන තරගාමාලාවක තානාපතිධුරයෙන් සචින් පිදුම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වේ.

ඔහු මීට පෙර 2011 වසරේ ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ හා බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැති ලෝක කුසලාන එක්දින තරගමාලාවේ දී ද තානාපති ලෙස කටයුතු කළේය. ලෝක කුසලාන තානාපතිවරයා ලෙස සචින් අයි.සී.සී.යේ ප්‍රචාරක වැඩසටහන් රැසකට එක්වීමට නියමිතය.

වසර 24ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් පසුගිය වසරේ දී සමුගත් 41හැවිරිදි සචින් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 200කට හා එක්දින තරග 463කට සහභාගීවී ඇති අතර විස්සයි20 තරගයකටද දායකත්වය ලබා දුන්නේය. 

පිටියෙන් සමුගන්නා විට ඔහු ජාත්‍යන්තර තරගබිමේ ලකුණු 34,357ක් රැස්කොට තිබූ අතර ශතක 100ක් වාර්තා කිරිමට සමත්විය. ‍ඔහු ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභියා ලෙස ලකුණු 2278ක් රැස් කිරීමට සමත්විය. 

'අයි.සී.සී. ලෝක කුසලාන තරගමාලාවේ තානාපති ලෙස කටයුතු කිරිමට අවස්ථාව ලැබීම මට ගෞරවයක්.ලෝක කුසලාන තරගමාලා 6කට සහභාගි වී ඇති මට මෙවර තරගමාලාවේ වෙනස් අත්දැකීමක් ලැබේවි.' නව තනතුරට පත්වීමෙන් පසුව ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad