නයිට් රයිඩර් කාර් සිහිනය අවුරුදු 5කින් සැබෑවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 23, 2014

නයිට් රයිඩර් කාර් සිහිනය අවුරුදු 5කින් සැබෑවෙයි

රියැදුරු නැතිව තනිවම යන කාර් අප මුල්වරට දැක තිබුණේ නයිට් රයිඩර් ටෙලි නාට්‍ය මාලාවෙනි. 

රියැදුරු නොමැතිව ගමන් කළ හැකි එවන් මෝටර් රථයක් සැබෑ ලෝකයටද හඳුන්වාදීමට Google සමාගම සූදානම් වනවා. මේ වනවිට එවැනි මෝටර් රථයක මූලාකෘතියක් google සමාගම විසින් සකසා තිබේ.

මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ක්‍රිස් අම්සන් පවසා ඇත්තේ රියැදුරු නොමැතිව ධාවනය කළ හැකි මෝටර් රථයේ මූලාකෘතිය google සමාගම විසින් ලොවට ඉදිරිපත් කළද, මෙම රථය වාණිජ වශයෙන් තම සමාගම විසින්ම නිපදවීමට බලාපොරොත්තු නොවන බවයි. 

නමුත් හොඳම ලංසුව ලබා දෙන මෝටර් රථ නිෂ්පාදන සමාගමක් හා එක්ව මෙම මෝටර් රථ වසර පහක් තුළ වෙළඳ පොළට නිකුත් කිරීම සමාගමේ බලාපොරොත්තුව වනවා. 

No comments:

Post a Comment

Post Bottom Ad