බි‍්‍රතාන්‍ය බීබීසී ලෝක සේවය රුසියානු RT පුවත් නාලිකාව ඉදිරියේ පසුබසිමින් ඇති බව බීබීසී හිටපු ප‍්‍රධානි පීටර් හොරොක්ස් විසින් පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ ලෝක පුවත් වාර්තාකරණයේ ඇමරිකානු හා බි‍්‍රතාන්‍ය ආධිපත්‍යය අහිමිවෙමින් ඇති බවයි. බීබීසී ලෝක සේවයේ ප‍්‍රධාන නිලධාරියාවූ පීටර් හොරොක්ස් මේ මස මුලදී සිය ධුරයෙන් ඉවත් විය.
අනෙක් පුවත් ආයතන සඳහා වැයකරන මුදල් ප‍්‍රමාණයට සාපේක්‍ෂව බීබීසී පුවත් සේවය වෙත ලබාදෙන අරමුදල් ප‍්‍රමාණය පිළිබඳව ගැටළුවක් පවතින බව ඔහු පවසා තිබේ.
ජාත්‍යන්තර සබඳතා, යුධ වියදම් ආදිය සමග සැසඳීමේදී මේ සඳහා දක්වන අවධානය බෙහෙවින් අඩු මට්ටමක පවතින බව හොරොක්ස්ගේ අදහසයි.
රුසියානු RT පුවත් සේවය විසින් ලෝක පුවත් වාර්තාකරණයේ අත්පත්කරගෙන ඇති වර්ධනයට තරගයක් ලබාදීමට නම් මේ තත්වය වහාම වෙනස් කළ යුතු බව ඔහු පවසා තිබේ.
රුසියාව සහ චීනය විසින් බීබීසීය මූල්‍ය වශයෙන් පරාජය කර ඇති නමුත් ලෝක පේ‍්‍රක්‍ෂකයින් තුළ තමන්ට සමාන තත්වයක් පවත්වා ගැනීම මූලික අරමුණක් විය යුතු බව පීටර් හොරොක්ස් පවසා ඇත.
පසුගිය කාලය තුළ යුක්රේන අර්බුදය වාර්තාකිරීම සමග රුසියානු RT නාලිකාව ඉතාමත් ජනප‍්‍රිය තලයකට පැමිණි අතර එය මේ වන විට ලොව පුරා මිලියන 700ක් දෙනා විසින් නරඹන බව වාර්තා වේ.
Wednesday, December 24, 2014
රුසියානු RT වේගයෙන් පෙරට.. ලෝක පුවත් ආධිපත්‍ය ඇමරිකාවෙන්, බි‍්‍රතාන්‍යයෙන් ගිලිහේ..
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment