නාවලපිටිය රෝහලේ ගැබිනි වාට්‌ටුවට ආහාර බෙදාදෙන අවස්‌ථාවේ ගැබිනි මවකට බෙදූ පත්පතේ ගොලු බෙල්ලෙකු සිටි පුවතක් ඊයේ අපට වාර්තා වුණා. ඒ අනුව රෝහලේ බෙදාදෙන බත්පතකින් ගොලුබෙල්ලන් මතුවූ පළමු අවස්‌ථාව එය නොවන බවද තව දුරටත් අපට වාර්තා වුණා.
මේ ආකාරයට රෝගීන්ට සපයන බත්පතේ ගොලුබෙල්ලන් සිටීම ගැන අයෙකුට මෙසේ සිතෙන්නට පුළුවන. ගොලුබෙල්ලා යනු ඉතාම පෝෂදායී සතෙකි. නැතිනම් ඉතාම හොඳ ඖෂධයකි.
මේ බව රෝහලේ වෛද්‍යවරු නොදන්නා කමින් ගොලු බෙල්ලන්ව ආහාරයක් ලෙස නිර්දේශ නොකරන නමුත් රෝහලේ ආහාර සැපයුම් ටෙන්ඩරයේ හිමිකරු මේ අති ප්‍රබල වෛද්‍ය රහස් හොඳින් දනී.
එබැවින් ඒකා ඉතා වෙහෙස මහන්සි වී ගොලුබෙල්ලන් පසුපස හතිලමින් පන්නා, දැඩි වෙහෙසක් දරමින් අඩපණ කරගන්නා වූ
ගොලුබෙල්ලාව දඩයම් කර, රෝහල් වාසී සියලු ලෙඩුන්ගේ නීරෝගීභාවය වෙනුවෙන් උන්ව ආහාරයක් බවට පත්කරයි.
රෝගීන්ට එළිපිටම එය ගිල්ලවිය නොහැකි බැවින් රෝගීන්ටද නොදැනෙන්නට ඒවා ගිල්ලවීමට තරම් මේ සැපයුම්කරුවා රෝගියා ගැන සිතයි. මෙතෙක් නාවලපිටිය රෝහලේ මෙලෙස වාර්තා වී ඇත්තේ 'බත්-ගොලුබෙල්ලන' තුනක් පමණක් නමුත් වාර්තා නොවූ අවස්‌ථා කොතෙකුත් තිබිය හැක.
රජයේ රෝහලට පැමිණ එහි නේවාසිකව ප්‍රතිකාර ලබන අයගෙන් බහුතරය එසේ කරනුයේ පෞද්ගලික රෝහලකට යැමට තරම් ආර්ථික ශක්‌තියක් නොමැති නිසාය. රෝහල් ආවරණයක් සහිත රක්‍ෂණයක් පවත්වාගෙන යැමට තරම් ආදායමක් නොමැති නිසාය.
එසේ නොවන්නට, සාත්තු සේවකයාගේ සිට ඉහළට සියල්ලන්ගේ රැවුම් ගෙරවුම්, නින්දා අපවාද, නොසලකා හැරීම් සියල්ල විඳ දරාගනිමින්, ඇඳන් භාගයක, ඇඳක් යට හෝ බංකුවක වැතිරී බෙහෙත් උගුරක් ගිල දැමීමට රෝගියෙක් හෝ දරුපැටියා වැදීමට ගැබිනි මවක් හෝ රෝහලට නොඑන්නේය. (අහම්බෙන් මෙන් රජයේ රෝහලක තත්ත්වය මෙයින් වෙනස් නමුත් බහුතරයේ ස්‌වභාවය මෙයයි)
නමුත් සුබසාධන රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාවේ සතයකුදු අය නොකර රජයේ රෝහල් වෙතින් සිදුවන සේවාව සුළුපටු නැත. රෝගියාට බේත් හේත් පමණක් නොව, උණුවතුර එකේ සිට කෑම වේල දක්‌වාම value added (අගය එකතු කළ) සේවාවකි ශ්‍රී ලංකාවේ මේ සෞඛ්‍ය සේවය.
මේ උතුම් සේවාව ඉල්ලමක් කර ගනිමින් ඉන් පෝෂණය වන අතරවාරයේ දුප්පත් රෝගියා වෙනුවෙන් මෙවැනි අවිචාරමත් සැපයුමක් සිදුකරන සැපයුම්කරුවන්ද, උන්ගේ ආහාරය නිර්දේශ කරන පාලනාධිකාරියේ මහ ඇත්තන්ද, එම අහාරය අධීක්‍ෂණයට පත්කර ඇති 'පිං පඩි' කාරයන්ද අල්ලා උන්ට කිසිදු අපුලක් නොදැනෙන මේ ගොලුබෙලි ආහාරය තුන්වේලටම ගිල්ලුවොත් නරකද?
Tuesday, December 23, 2014
නාවලපිටිය රෝහලේ ගැබිනි මවකට බෙදූ පත්පතේ ගොලු බෙල්ලෙකු සිටි පුවත
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment