මෛත්‍රීගේ නිල ෆේස්බුක් පිටුවේ ලයික් තත්පරෙන් තත්පරේ අඩුවෙන්නේ ඇයි.? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 23, 2014

මෛත්‍රීගේ නිල ෆේස්බුක් පිටුවේ ලයික් තත්පරෙන් තත්පරේ අඩුවෙන්නේ ඇයි.?

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛතිරිපාල සිරිසේන මහතාගේ ෆේස්බුක් පිටුවට ලයික් කොට ඇති ගණන තත්පර ගණනක් තුලදී 10-20 අතර ප්‍රමාණයක් අඩු වෙමින් පවතින බව වාර්තා වේ. 

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල පිටුවේ ඊයේ (22) දිනයේ සවස වනවිට  ලයික් කොට තිබු ප්‍රමාණය 210122 කි.නමුත් ඉතා සුළු වෙලාවක් තුල එම පිටුවෙන් ලයික් 10,000 කට අධික ප්‍රමාණයක් අඩුවී තිබේ.

මේ වනවිටත් එය ඉතා සීග්‍රයෙන් අඩුවෙමින් තිබේ. මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුවේ සිටින කාලය තුලදී එම පිටුවෙහි ලයික් 60,000 ක් පමණ තිබු අතර ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස නම් කිරීමෙන් අනතුරුව එය ඉතා වේගයෙන් ලක්ෂ 2 සීමාවද පසුකොට ගොස් තිබුණි. 

මේ අතර විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුවේද ලයික් ප්‍රමාණය පහල බසින බව ෆේස්බුක් පරිශීලකයන් විසින් පෙන්වා දී තිබුණි.

පිටුවේ දැන් තත්වය බලන්න මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad