ආණ්ඩුව දැන් 149යි තුනෙන් දෙකක බලය අහිමි වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 23, 2014

ආණ්ඩුව දැන් 149යි තුනෙන් දෙකක බලය අහිමි වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට ඊයේ (22 දා) සිට පාර්ලිිමේන්තුවේ තුනෙන් දෙකක බලය අහිමි විය. 

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ආණ්ඩුවට සහාය දැක්වූ කර්මාන්ත හා වානිජ ඇමැති රිෂාඩ් බදියුදීන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී අමීර් අලි යන මහත්වරු ඊයේ (22 දා) ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමඟ මෙසේ බහුතර බලය ආණ්ඩු පක්ෂයට අහිමි විය.

ඒ අනුව ඊයේ වන විට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණන (කථානායකවරයා ද සමගින්) 149 කි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණන 76 කි.

තුනෙන් දෙකක බහුතර බලයක් සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් ගණන 150 කි. මේ අනුව මෙතෙක් කලක් පාර්ලිමේන්තුවේ තිබූ බහුතර බලය ඊයේ සිට ආණ්ඩු පක්ෂයෙන් ගිලිහිණි.

yminister.com

No comments:

Post a Comment

Post Bottom Ad