බංග්ලාදේශයේ හිටපු ඇමතිවරයෙකුට මරණ දඬුවම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 23, 2014

බංග්ලාදේශයේ හිටපු ඇමතිවරයෙකුට මරණ දඬුවම

යුද අපරාධ චෝදනා ලත් බංග්ලාදේශයේ හිටපු ඇමතිවරයෙකුට මරණ දණ්ඩනය නියම වෙයි. 

බංග්ලාදේශ විශේෂ අධිකරණ විනිශ්චය සභාවක් මගින් මෙම දඬුවම ලබා දී ඇත්තේ 1971 සිදු වූ බංග්ලාදේශ නිදහස් සටනේදී මිනිස් ඝාතන සහ ස්ත්‍රී දූෂණ සිදු කළ බවට එල්ල වූ චෝදනා පිළිබඳ විභාග කිරීමෙන් අනතුරුවයි.

හැත්තෑ තුන් හැවිරිදි, හිටපු අමාත්‍ය සයීඩ් මොහමඩ් ඛයිසාර්ට නියම වූ මරණ දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි ඔහුගේ නීතිඥයන් පවසන්නේ.

මීට සිව් වසරකට පෙර බංග්ලාදේශ ආණ්ඩුව විසින් පිහිටුවනු ලැබූ ඉහත කී විශේෂ අධිකරණ විනිශ්චය සභාව මගින් යුද අපරාධ චෝදනා යටතේ මීට පෙර දාහතර දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබේ.

විරුද්ධ පක්ෂ කියා සිටින්නේ දේශපාලන පලි ගැනීම් සඳහා මෙම විශේෂ අධිකරණ විනිශ්චය සභාව පිහිටුවා ඇති බවයි. 1971 සිදු වූ බංග්ලාදේශ නිදහස් සටනේදී තිස් ලක්‍ෂයක් පමණ දෙනා මිය ගිය බව වාර්තා සඳහන් කරයි.

BBC

No comments:

Post a Comment

Post Bottom Ad