‘දෙවියන් ශ්‍රේෂ්ඨයි’ යන අරුත ඇති ‘අල්ලාහු අක්බර්’ ඉස්ලාමීය ආගමික පාඨය හඬ නගමින් පුද්ගලයෙක් ප්‍රංශයේ ඩිජෝන් නුවර පදිකයන් මතට රිය පදවා ඇති බව වාර්තා වෙයි.
එම පුද්ගලයා තම රිය නගරයේ වීදි කිහිපයකදී නොනවත්වා පදිකයන් මතට පැදවීම හේතුවෙන් එකොළොස් දෙනක් තුවාල ලැබූ අතර දෙදෙනෙක් බරපතළ තත්වයේ පසු වන බව බීබීසි ප්‍රවෘත්ති සේවය සඳහන් කරයි.
මෙම පුද්ගලයාට එරෙහිව මීට පෙරද අපරාධ චෝදනා එල්ල වී ඇති බවත් ඔහු මීට පෙර මානසික පරීක්ෂාවක් සඳහා යොමු කරන ලද අයකු බවත් පොලිස් ආරංචි මාර්ග ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත.
‘අල්ලාහු අක්බර්’ ඉස්ලාමීය ආගමික පාඨය හඬ නගමින් තවත් පුද්ගලයෙක් පසුගිය සෙනසුරාදා ප්‍රංශයේ ‘ටුවර්ස්’ ප්‍රදේශයේ පොලිස් ස්ථානයකට කඩා වැදී එහි සිටි නිලධාරීන් තිදෙනෙකුට පහර දී ඇති අතර පොලිස් වෙඩි පහරින් ඔහු මරණයට පත් වී තිබේ.
Tuesday, December 23, 2014
දෙවියන් පෙන්වා පුද්ගලයෙකු පදිකයන් මතට රිය පදවයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment