පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (22) තීරණය කර ඇති බව වාර්තා වෙයි.
අද (23) පෙරවරුවේ පැවැත්වෙන කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයට මෙම තීරණය දැනුම් දීමෙන් පසු මුස්ලිම් කොංග්‍රසය සිය තීරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් තිදෙනෙකු ආණ්ඩුවට සහය දෙන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඇතුළු කණ්ඩායම විපක්ෂයට සහය දීමට තීරණය කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ අතර ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ කාටදැයි තීරණයක් ගැනීමට තමාට අල්ලා දෙවියන් වහන්සේගේ පිහිට ලැබෙනු ඇතැයි අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රාර්ථනයක් කෙළේය.
අමාත්‍යවරයා මේ ප්‍රාර්ථනය කළේ පසුගියදා මහනුවර ධර්මරාජ විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවැති සමාදාන විනිශ්චයාකාරවරුන්ගේ ගෞරව නාම ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගිවෙමිනි.
“මේ අවස්ථාවේ රටේ උන්නතිය වෙනුවෙන් මොන ආකාරයේ ප්‍රවිෂ්ටයකට එළැඹිය යුතුද යන්න සම්බන්ධයෙන් මේ වන විට අපේ පක්‍ෂයේද විවිධ මත ගැටුම් සිදුවෙමින් පවතිනවා. හෙට ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වෙනවා.
ප්‍රතිවිරුද්ධව තරග කරන මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගියදා එළිදැක්වූවා. එහෙත් ප්‍රතිපත්ති ප්‍රකාශන දිහා බලල ඒවා ඇගැයීමට ලක්කරල පමණක් තීරණයක් ගැනීම එතරම් ලේසි පහසු නැහැ“ යැයි රවුෆ් හකීම් මහතා පැවසීය.
“මේ දේශපාලනයේදී කිසි දෙයකට හදිසි වීම නුවණට හුරු නැහැ. මේ රටේ උන්නතිය වෙනුවෙන් උපරිමේ සාකච්ඡාවේ යෙදිල පුළුවන් ආකාරයෙන් සංහිඳියාවක් ඇති කරගෙන මේ තීරණයට එන්න අපි උත්සාහ කරනවා.
ඒ වගේම අප පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයේ හා සාමාජිකයන්ගේ මතයට අනුව දෙපිරිස අතර මතභේදයක් නොවන අයුරින් අප තීරණයකට යා යුතුයි. ඒක ලේසි පහසු කරුණක් නෙවෙයි. හැම දේශපාලන පක්‍ෂයකටම මේ වකවානුවේ දැඩි අභියෝගවලට මුහුණදෙන්න සිදුවෙලා. බෙදීම් ඇති වෙලා.
පිල් මාරුවීම් වෙනවා. මන්ත්‍රිවරු බිලි බා ගැනීම සිදුවෙනවා. මේවා අවම කරගෙන පුළුවන් ආකාරයෙන් අප නියෝජනය කරන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන තීරණයට එන්න අල්ලා දෙවියන් වහන්සේ මට උදව් කරාවි කියා මම බලාපොරොත්තු වෙනවා.“ යනුවෙන් හෙතෙම සඳහන් කළේය.
asianmirror
Tuesday, December 23, 2014
හකීම්ගේ සහය විපක්ෂයට?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment