උතුරු කොරියාව පසුගිය සඳුදා පැය 9ක් පුරා අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන්ම විසන්ධි වී තිබූ බව වාර්තා වේ.
ක්ලවුඞ්ෆෙයාර් අන්තර්ජාල ආරක්‍ෂණ සමාගමේ සභාපති මැතිව් පි‍්‍රන්ස් පවසා ඇත්තේ එය උතුරු කොරියාව අන්තර්ජාල ලෝක සිතියමෙන් මකා දැමීමකට සමාන වන බවයි.
මෙය ඇමරිකාවේ සයිබර් ප‍්‍රහාරයක් නිසා සිදුවූ බව ඇමරිකානු රජයේ ප‍්‍රකාශවලින් ඉගි කර ඇතැයි පැවසේ.
මාධ්‍ය සාකච්ඡවකදී ඉදිරිපත්වූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශිකා මේරි හාෆ් පවසා ඇත්තේ ජනාධිපතිවරයා පැවසූ ආකාරයටම රජය විසින් උතුරු කොරියාවට ප‍්‍රතිචාර දැක්වීමේ ආකාරයන් පිළිබඳව සලකා බලමින් ඇති බවයි.
ඒවා මොනවාද යන්න ප‍්‍රසිද්ධියේ විස්තර කිරීමට බලාපොරොත්තු නොවන බවත් එවැනි ක‍්‍රියාමාර්ග ගැනීමෙන් පසු ඇතැම් ඒවා දෘශ්‍යමාන විය හැකි අතර ඇතැම් ඒවා දැකිය නොහැකි වනු ඇති බවත් ඇය පවසා තිබේ.
උතුරු කොරියාව අන්තර්ජාලයෙන් විසන්ධි වූයේ එවැනි පියවරක් නිසාද යන්න තහවුරු කිරීමට නොහැකිවුවත් එය ඇමරිකානු ජනාධිපතිවරයා පැවසූ ආකාරයක් බව මේරි හාෆ් පවසා ඇත.
සෝනි සිනමා සමාගමට එල්ලවූ සයිබර් ප‍්‍රහාරය පසුපස සිටින්නේ තමන් බව උතුරු කොරියානු රජය නිල වශයෙන් පිළිගත් පසු ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා එයට ප‍්‍රතිචාර දක්වන බව පවසා තිබිණි.
සෝනිහි නවතම නිර්මාණය වන ද ඉන්ටර්විව් චිත‍්‍රපටයට උතුරු කොරියාවේ දැඩි විරෝධයක් එල්ල විය.
Wednesday, December 24, 2014
උතුරු කොරියාව අන්තර්ජාලයෙන් විසන්ධි කරයි.. ඇමරිකාවට චෝදනා
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment