පවතින ඒකාධිපති වියරුව පරාජයකිරීම හා මානව සමාජයේ නිදහස වෙනුවෙන් හඞනැගීම යන කරුණු ඉලක්ක කර ගනිමින් තරුණ කළාකරුවන්ගේ එකමුතුවකින් ‘‘අලුත් පරපුර ’’ නමින් නව සංවිධානයක් ඊයේ (23) දින එළිදැක්වින.
මෙහි ප‍්‍රථම මාධ්‍ය හමුව ඊයේ (23) කෝට්ටේ සෝලිස් ශාලාවේදී පැවැත්විනි.
මෙහිදී අදහස් දැක්වූ යොවුන් නිළි අමා විජේසේකර කියා සිටියේ මෙවැනි තීරණාත්මක අවස්ථාවකදී හෘර්ද සාකිෂියට එකඟව තීරණ ගන්නේ කෙසේ දැයි යන්න පිළිබඳව ග්‍රාමීය ජනතාව දැනුවත් කිරීම මේ සංවිධානයේ මූලික ක්‍රියා කාරිත්වය බවයි.
ඒ අනුව අද (24) සිය පළමු දැනුවත් කිරීමේ ව්‍යාපාරය කුරුණාගල මහජන පොළ අසලින් පෙරවරු 10.00ට ආරම්භ කරන බවද ඇය කීවාය. එසේම ඉන් පසුව සවස 2.00ට මතව මං හන්දියේදීත්, සවස 6.00ට වැල්ලව හන්දියේදීත් මේ දැනුවත් කිරීම පවත්වන බවද ඇය කියා සිටියාය.
මේ සඳහා යොවුන් කලාකරුවන් හා කලා කාරියන් විශාල පිරිසක් හා විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වන බවද ඇය සඳහන් කළාය. මේ හමුවට යොවුන් කලා කාරුවන් හා කලා කාරියන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂිතය.
ඊයේ පැවැති සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ විඩීයෝව.
Source By : srilankamirror
Wednesday, December 24, 2014
‘‘අලුත් පරපුර ’’ මෛත්‍රීගේ සහයට අද කුරුණෑගල (වීඩියෝ සහ ඡායාරූප)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)














No comments:
Post a Comment