නවසීලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 7 කින් සමන්විත එක්‌දින තරගාවලිය සඳහා කණ්‌ඩායම නම් කිරීමට ප්‍රථම තේරීම් තරග 2 ක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ඒ අනුව එම පුහුණු තරග දෙක මෙම මස 28 සහ 30 යන දෙදින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. කෙසේවවුද කලක් තිස්‌සේ සිටම ශ්‍රී ලංකා එක්‌දින කණ්‌ඩායම නියෝජනය කරන ලද වමත් දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චතුරංග ද සිල්වාව අදාල කණ්ඩායම් දෙකට ඇතුළත් නොවේ.
ඔහු ඇතුළත්ව ඇත්තේ අතිරේක ක්‍රීඩකයන්ගේ ලැයිස්‌තුවටය. ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායමට ක්‍රීඩා කරමින් දිගින් දිගටම දක්‌වන ලද දක්‍ෂතා පදනම්ව චතුරංගට එක්‌දින කණ්‌ඩායමට පිවිසීමට අවස්‌ථාව උදා විය.
මේ වසර මුලදී පැවැති ආසියානු කුසලාන තරගාවලියෙන් පසු ඔහුට කණ්‌ඩායමේ ස්‌ථානයක් හිමිවූයේ ඉකුත්දා ශ්‍රී ලංකා කණ්‌ඩායම ඉන්දියාවේ කරන ලද තරග සංචාරයේදීය.
එම තරගාවලිය යටතේ එක් තරගයකට පමණක් චතුරංගව ක්‍රීඩා කරවනු ලැබීය. මේ සඳහා එක් පිලකට ක්‍රීඩකයන් 11 දෙනා බැගින් වූ කණ්‌ඩායම් දෙකක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහි ඒ කණ්‌ඩායම අශාන් ප්‍රියන්ජන විසින්ද බී කණ්‌ඩායම උපුල් තරංග විසින්ද මෙහෙයවනු ලබති.
මේ කණ්‌ඩායම් දෙකට ජාතික කණ්‌ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඇතුළත්ව සිටීම විශේෂිතය.
කුෂල් ජනිත්, කිත්රුවන් විතානගේ, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, සචිත්‍ර සේනානායක, ෆර්වීස් මහරූෆ් සහ සික්‌කුගේ ප්‍රසන්න එම ක්‍රීඩකයන් අතරින් කිහිප දෙනෙකි.
කෙසේ වෙතත් නම් කරන ලද කණ්‌ඩායමට රමිත් රඹුක්‌වැල්ලගේ නම ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබීමද කැපී පෙනේ.
පුහුණු තරග සඳහා නම් කරන ලද කණ්‌ඩායම් මෙසේය.
ඒ කණ්‌ඩායම -
අශාන් ප්‍රියන්ජන්(නායක), කුසල් ජනිත්, ධනුෂ්ක ගුණතිලක, කිත්රුවන් විතානගේ, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, රමිත් රඹුක්‌වැල්ල, ලක්‌ෂාන් සඳකැන්, ළහිරු මලින්ත, නිසල් තාරක
බී කණ්‌ඩායම -
උපුල් තරංග(නායක), උදාර ජයසුන්දර, භානුක රාජපක්‍ෂ, රොෂේන් සිල්වා, සදීර සමරවික්‍රමාරච්චි, සීක්‌කුගේ ප්‍රසන්න, ෆර්වීස් මහරූෆa, ළහිරු ගමගේ, සචිත්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, කසුන් මදුශංක.
අතිරේක ක්‍රීඩකයන් -
චතුරංග ද සිල්වා, විශ්ව ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ප්‍රිමාල් පෙරේරා, අසේල ගුණරත්න, ඉෂාන් ජයරත්න, නිලක් ප්‍රේමරත්න.
Wednesday, December 24, 2014
එක්දින පිල තේරීමෙන් චතුරංග හලලා, රමිත් එල්ලලා
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment