තම මොළය පරිගණකයක තැන්පත් කිරීමට ඇමරිකා ජාතික පර්යේෂකයෙක් සැරසේ.
රැන්ඩල් කෝනේ නම් ඔහු පවසන්නේ මිනිස් මොළයේ සියලූ කි‍්‍රයාකාරකම් තීරණය කෙරෙන ස්නායු ආවේගය එනම් ස්නායු පණිවුඩ හුවමාරුවේදී සිදුකරන විද්‍යුත් වෙනස්වීම” යාන්ති‍්‍රක කි‍්‍රයාවලියකට ආදේශ කළ හැකිනම් මිනිස් මොළය හිස්කබලක පමණක් නොව සිතෙන ඕනෑම තැනක ඇතිකළ හැකි බවයි.
මේ සදහා බාධක රැසක් තිබෙන බවද ඔහු පිළිගනී.විශේෂයෙන් මොළයේ සිදුවන ස්නායු ආවේග කුමන ගණයට අයත්ද,ඒවායින් පාලනය කෙරෙන්නේ මොන අවයවයන්ද,ඒවායින් පණිවුඩ යැවෙන්නේ මොන අවයවයන්ටද,මොළයේ ඇති විවිධ ප‍්‍රදේශ හා ආවේග හුවමාරු වන්නේ කෙසේද ආදී ලෙස එවා එක එකක් වෙන්කර ගැනීමත් පසුව ඒවා යාන්ති‍්‍රක කි‍්‍රයාවලියකට ආදේශ කිරීමත් පහසු කටයුත්තක් නොවේ.
නමුත් එය ප‍්‍රායෝගික විසඳුමක් බව ඔහුගේ අදහසයි.විශේෂයෙන් පරිගණක තාක්ෂණය දියුණු මෙවැනි යුගයක ඔය කියන ස්නායු ආවේග වර්ග කේත ගතකිරීමත් එම කේත ඇසුරින් මොළය පරිගණයක පිහිටුවීමත් අපහසු දෙයක් නොවන බව ඔහු කියයි.
තමන් මොළයේ කි‍්‍රයාකාරීත්වය යාන්ති‍්‍රක කි‍්‍රයාවලියකට ආදේශ කරනවා කීමෙන් අදහස් කරන්නේ මෙවැනි දෙයක් බව ඔහු පැහැදිලි කරයි. මේ සඳහා වන කටයුතු ඔහු දැනටමත් ආරම්භ කර තිබෙන අතර ක්ෂේත‍්‍රයේ විශේෂඥයින් රැසකගේද සහය ලබාගෙන ඇත.
කෙසේනමුත් බහුතර විද්වතුන් මත පළ කරන්නේ මොළයේ කි‍්‍රයාකාරීත්වය පරිගණක කේත ඇසුරින් කෘතිම ලෙස නිර්මාණය කළ පමණින් එය සැබෑ මොළයක් ලෙස කි‍්‍රයාත්මක වනු ඇතැයි සිතිය නොහැකි බවයි.මෙවැනි තලයකට එන්න නම් මුලින්ම විසඳාගත යුතු අභිරහස් බොහෝමයක් ඇති බව ඔවුන්ගේ අදහසයි.
Wednesday, December 24, 2014
මොළයත් පරිගණකගත කරයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment