පාදයේ ආබාධයක් මත ප්‍රතිකාර ලබමින් සිටින වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් තරග කිහිපයට එක්වීමට නියමිතය.
සිය වම් පාදයේ වළලුකරේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මස ඔහු ශල්‍ය කර්මයකට භාජනය වූ අතර මේ වනවිට සුවය ලබමින් සිටි.
'මාලිංග මේ වනවිට සුවය ලබමින් සිටින අතර අප මුලින් සැලසුම් කළ පරිදි ඔහුට නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් තරග දෙකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබේවි.' ශ්‍රී ලංකා පුහුණුකරු මාවන් අතපත්තු කීවේය.
ජාත්‍යන්තර එක්දින තරග 177කට සහභාගි වී කඩුලු 271ක් ලබා සිටින මාලිංග පසුගිය කාලයේ ඉන්දියාව හා එංගලන්තය සමග ශ්‍රී ලංකාව සහභාගි වූ එක්දින තරගාවලි අතරට එක්වූයේ නැත.
Monday, December 22, 2014

මාලිංග යළි එක්දින පිටියට
Tags
# ක්‍රීඩා පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment