‘පොදු විපක්‍ෂය චීනය සමඟ මෙතරම් සතුරු ඇයි’ – දයාන් අසයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 24, 2014

‘පොදු විපක්‍ෂය චීනය සමඟ මෙතරම් සතුරු ඇයි’ – දයාන් අසයි

ශ්‍රි ලංකාව දිගු කාලයක් සිට පවත්වාගෙන ගිය නොබැදි ප්‍රතිපත්තිය පොදු විපක්ෂයේ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්ව සිටින පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අමතක කර ඇති බව ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

ආචාර්යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ විදේශ ප්‍රතිපත්තිය විය යුතු වන්නේ නොබැඳි ප්‍රතිපත්තියක් බවයි. 

විශේෂයෙන්ම බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගැන ප්‍රකාශ කරන පොදු විපක්ෂය එම නොබැඳි පිලිවෙතින් ඉවත් විමත් එම නොබැඳි පිළිවෙත අමතක කිරීමත් තුළින් හෙළි වන්නේ එය ප්‍රතික්ෂේප කිරීමක් ද? යන්න ගැටළුවක් දයාන් ජයතිලක මහතා කියා සිටියි.

එසේම චීන රාජ්‍ය අපට කලේ වරද කුමක්ද? තිස් වසරක යුද්ධය කාලයේදී පත් වු සියළු ආණ්ඩු සඳහා යුද ආධාර ලබා දීම සිදු කරන ලද්දේ චීනය විසිනි. චීනය අචලව අපේ රටේ මිත්‍රයා වශයෙන් සිටියේය. එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේදී අප රටට සහාය ලබා දී තිබේ. එවැනි ආකාරයට චීනය කටයුතු කිරීමද වරදක්ද යනුවෙන් ආචාර්යවරයා මෙහිදී ප්‍රශ්ණ කර සිටියේය.

එසේ නොමැතිනම් දෙමල ඩයස් පෝරාවක් චිනයේ නොසිටීම වරදක් ලෙස පොදු විපක්‍ෂය දකින්නේ දැයි දයාන් ජයතිලක මහතා විමසා සිටියි. චීනය සම්බන්දයෙන් මේ තරම් වෛරයෙන් ප්‍රකාශ කරන්නේ ඇයි දැයි? යනුවෙන් විමසන ඒ මහතා දෙමල ඩයස් පෝරාවක් නැති රටක් අපේ මිත්‍ර රටක් වශයෙන් සිටිම අපට විශාල රුකුලක් බව ද පැවසිය.

එසේම ශ්‍රි ලංකාව මානුෂීය මෙහෙයුම සිදු කරන අවස්ථාවේ දී එය නැවැත්වීමටත් එයට එරෙහිව එක්සත් ජාතින්ගේ සංවිධානයේ යුධ අපරාධ සිදු වු බවට යෝජනා ගෙන සම්මත කළ අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් පොදු විපක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ සදහන් කර නොමැත.

ඊනියා යුධ අපරාධ සම්බන්ධයෙන් ආරම්භ කර තිබෙන පරික්ෂණය අප ප්‍රතික්ෂේප කළ යුතු බවත් එයට විරුද්ධ විය යුතු අතර එයට ඉඩ ලබා දිය යුතු නැති බව ද පොදු විපක්ෂයෙන් කිව යුතු බව ද ආචාර්ය දයාන් ජයතිලක මහතා වැඩිදුරටත් පැවසිය.

– ලංකාපුවත්

No comments:

Post a Comment

Post Bottom Ad