රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩු කාලයේදී සිදුවූ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ වැඩ පිළිවෙල නැවත මෛත්‍රීපාල සිරිසේන මහතා හරහා ක්‍රියාත්මක කරවීමට විපක්ෂය සූදානම්වී ඇති බවත්, එසේ නැවත පුද්ගලීකරණයට හිස එසවීමට මෙරට ප්‍රගතිශීලි ජනතාව කිසිදු අවස්ථාවක් නොදීමට කටයුතු කරන බවත් තම සංවිධානයේ පූර්ණ සහයෝගය පෞද්ගලීකරණයට එරෙහිව කටයුතු කරන ජනපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට ලබාදෙන බවත් ජාතික සම්පත් සහ ජනතා අයිතින් සුරකීමේ සංවිධානයේ නායක අමාත්‍ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේය.
වසර 1977 දී බලයට පැමිණි එජාප ආණ්ඩුව විසින් රාජ්‍ය ආයතන 42ක් පුද්ගලීකරණය කළ බව ඒ මහතා පැවසූ අතර පොදු පෙරමුණ ආණ්ඩු කාලයේදීත් එසේ පෞද්ගලීකරණය සිදුවූ බවත් 2005 දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු එම තත්ත්වය පහවී ගිය බවත් ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දෙන ලදි.
මේ හේතුවෙන් බටහිර රටවලට ඝෘජුව හා වක්‍රාකාරයෙන් මේ රට සූරාකෑමට අපහසු වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට විවිධ චෝදනා එල්ල කරමින් සිටින බවත් පෙන්වා දුන්නේය.
හෙතෙම මේ බව පැහැදිලිකර සිටියේ ශ්‍රීලනිප මූලස්ථානයේදී ජාතික සම්පත් හා ජනතා අයතීන් සුරැකීමේ සංවිධානයේ පැහැදිළි මතය ප්‍රකාශ කිරීම සඳහා දෙසැම්බර් 22වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතතමිනි. එම මාධ්‍ය සකච්ඡාව සඳහා තිස්ස විතාරණ මහතා සමග බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා, බැංකු සේවක සංගමයේ හිටපු ලේකම් ආර් එම් ෂා, ශ්‍රීලනිප වෘත්තීය සමිති නායක ලෙස්ලි දේවේන්ද්‍ර, නිදහස් සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමර මහතා යන මහත්වරුන් සහභාගී වූහ.
මෙහිදී ආර් එම් ෂා මහතා කියා සිටියේ “ බහුජාතික සමාගම්වලට විකිණීමේ අරමුණින් 1992 දි ඩී බී විජේතුංග මහත්තයා කිව්වා මහජන බැංකුව බංකොළොත් කියලා. නමුත් ජනතාව ඒක පිළිගත්තෙ නෑ. චන්ද්‍රිකා බලයට ඇවිත් මාස හතරකින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විකුණන්න පාර්ලිමේන්තුවට පණතක් ගෙනාවා. රාජ්‍ය උගස් බැංකුව විකුණන්නත් පනතක් ගෙනාවා.
මේකට විරුද්ධව බැංකු සේවක සංගම් අරගල කළා. ඒ කාලය තුළ වෘත්තීය සංගම්වල එකම අරමුණ තමයි රාජ්‍ය ආයතන පුද්ගලීකරණයට එරෙහිවීම සහ අරගල කිරීම. 1994 සිට 2005 දක්වා අපි අරගල කළා. වැඩ කරන ජනතාව හුස්මක් ගත්තෙ, 2005දි මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ආවට පස්සෙයි.
2002 – 2004 රනිල් මහත්තයගෙ ආණ්ඩුව කාලෙදි මේ වෙනුවෙන් පාරට බැහැපු කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නෙ. මේ පෞද්ගලීකරණය රණසිංහ ප්‍රේමදාස මහත්තයා හැඳින් වුයේ ‘ජනතා අයිතියට පවරනවා‘ කියලා. චන්ද්‍රිකා මහත්මිය මේක හැඳින්වුයෙ ‘ප්‍රතිව්‍යුහගතකිරීම‘ කියලා.” යනුවෙනි.
රනිල් මහතා ප්‍රමුඛ එජාප ආණ්ඩුව2003 වසරේදී ඛනිජ තෙල් සංස්ථාව තුනකට බෙදූ බවත් ඉන් එක කෑල්ලක් අදත් ඉන්දියන් ඔයිල් සමාගමක් විසින් පවත්වාගෙන යන බවත්, ඉතුරු කොටස් දෙක සේවක සංගම් අරගලය නිසා ඛණිජ තෙල් සංස්ථාවට ඉතිරිවූ බවත් මාධ්‍ය වේදීන් අමතමින් පෙන්වා දුන් බන්දුල සමන් කුමාර මහතා කියා සිටියේ එම සිදුවීම මේ වන විට සමස්ථ ලංකාවටම බලපා ඇති බවය.
– edmediaunit
Wednesday, December 24, 2014
Home
ප්රවෘත්ති
සිරිසේනගේ ‘තමසෙක්’ ආකෘතිය රනිල්ගේ යලි පිබිදෙමු හා චන්ද්‍රිකාගේ ප්‍රතිව්‍යුහගතකිරීමේ පෞද්ගලීකරණ සංකල්පයමයි..
සිරිසේනගේ ‘තමසෙක්’ ආකෘතිය රනිල්ගේ යලි පිබිදෙමු හා චන්ද්‍රිකාගේ ප්‍රතිව්‍යුහගතකිරීමේ පෞද්ගලීකරණ සංකල්පයමයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment