අවුල් හවුල්වලින් ගොඩනගන ආණ්ඩු ඉතා අවුල් සහගතයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 24, 2014

අවුල් හවුල්වලින් ගොඩනගන ආණ්ඩු ඉතා අවුල් සහගතයි..

වසර 30ක යුද්ධය අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාව සීඝ්‍ර දියුණුවක් කරා ලඟාවන බවද එබැවින් එම ලත් ජයග්‍රහණ ආපසු හැරවිය යුතු නැති බැවින් විකල්ප ගැන සිතිය යුතු නැතැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා කියා සිටියේය.

වෘත්තීයවේදීන් සඳහා වූ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් රාජගිරියේදී විවෘත කිරීමේන් අනතුරුව එහි සිටි වෘත්තියවේදීන් අමතමින් අමාත්‍ය ගුණසේකර මහතා ප්‍රකාශ කළේ වෘත්තීයවේදීන්ගේ සහායට රජයට හිමිවීමෙන් ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කල හැකි බවය.

අවුල් හවුල්වලින් ගොඩනගන ආණ්ඩු ඉතා අවුල් සහගත බවද අවුල් හවුල්වලින් දුක් විදින්නේ පාලකයන් නොව ජනතාව බවද වැඩිදුරටත් අවධාරණය කල කොමියුනිස්ට් පක්ෂ නායකයා කියා සිටියේ මෙවර ජනාධිපති ජයග්‍රහණයෙන් පසුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වඩාත් නිවැරදි මාවතකට ගෙන යෑම සඳහා වෘත්තීයවේදීන්ගේ ක්‍රියාකාරි දායකත්වය බෙහෙවින් අගය කරන බවය.

– edmediaunit

No comments:

Post a Comment

Post Bottom Ad