බි‍්‍රතාන්‍යය සංක‍්‍රමණිකයන් අඩු කිරීමට සැරසේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 24, 2014

බි‍්‍රතාන්‍යය සංක‍්‍රමණිකයන් අඩු කිරීමට සැරසේ

ශිෂ්‍ය වීසා රැගෙන බි‍්‍රතාන්‍යයට පැමිණෙන විදෙස් සිසුන් අධ්‍යාපනය ලබන කාලසීමාවෙන් පසුව යළි සියරට බලා යැවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙය යුරෝපා සංගමයට අයත් නොවන රටවල උපාධිධාරීන් වෙත බලපානු ඇති අතර අධ්‍යාපනය ලබා අවසන් වී බි‍්‍රතාන්‍යයේ රැඳී සිටිමින් රැකියාවක් සඳහා අයදුම්කිරීමට තිබූ අවස්ථාව මේ සමග අහිමිවී යනු ඇත.
බි‍්‍රතාන්‍යයේ රැකියාවක් කිරීමට නම් යළි රැකියා වීසා බලපත‍්‍රයක් ලබාගැනීමට සිදුවනු ඇත.

සිසුන් බි‍්‍රතාන්‍යයෙන් ඉවත් නොවී රැඳී සිටින්නේ නම් ඒ වෙනුවෙන් ඔවුන්ගේ විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන වලින් දඩ මුදලක් අය කරගැනීමටද යෝජනාවී තිබේ.

මෙම වැඩපිළිවෙළ බි‍්‍රතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් තෙරේසා මේ විසින් යෝජනා කර ඇති අතර මෙය කොන්සර්වේටිව් පක්‍ෂයේ අනාගත නායකත්වය තහවුරු කරගැනීමේ උත්සහයක් ලෙසද විචාරකයින් හඳුන්වාදී තිබේ.

ජාතික සංඛ්‍යාලේඛන ආයතනයේ දත්ත වලට අනුව යුරෝපා සංගමයේ නොවන සිසුන් 121000ක් බි‍්‍රතාන්‍යයට ඇතුළුවී ඇති නමුත් ජුනි මාසය වන විට බැහැරව ගොස් ඇත්තේ 51000ක් පමණක් වන අතර බි‍්‍රතාන්‍යයට විදෙස් සිසුන්ගේ පැමිණීම 2020 වන විට 6%කින් වර්ධනය වනු ඇතැයි ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් ගණන් බලා තිබේ.

කෙසේවෙතත් රජයේ පාර්ශ්වකරුවකු වන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක නික් ක්ලෙග් පවසා ඇත්තේ ඉදිරි මහ මැතිවරණයට පෙර මෙය රජයේ ප‍්‍රතිපත්තියක් වීමට ඉඩ නොදෙන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad