මාලක සිල්වාගේ හිරිහැරයට ලක්වූ සුද්දී මෙන්න..... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 1, 2014

මාලක සිල්වාගේ හිරිහැරයට ලක්වූ සුද්දී මෙන්න.....

පසුගියදා බම්බලපිටියේ රිදම් ඇන්ඩ් බ්ලූස් සමාජ ශාලාවේදී ඇමති මර්වින්ගේ පුත් මාලක සිල්වා විසින් හිරිහැර කරන්නට උත්සාහ කරන ලද බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්තයේ සිට ලංකාවේ සංචාරයකට පැමිණ සිටි බෙලින්ඩා මැගන්සි නමැති 24 හැවිරිදි තරුණිය ඊයේ අධිකරණයේ පෙනී සිටියා. 

ඇය හා ඇගේ පෙම්වතා බව කියන ස්කොට් ජාතික ඉංජිනේරුවකු වන ජේම්ස් ප්‍රන්සිස් විසින් එදා රාත්‍රී සාදය අතරතුර 
හිරිහැර කරන්නට ආ අය ඊයේ පෙරෙට්ටුවේදී හඳූනාගත්තා.

සිද්ධිය වූ දිනයේ මාලක සිල්වා ඇතුළු පිරිසක් රාත්‍රී 3 ට පමණ එකී සමාජ ශාලාවට පැමිණ එහි සාදයට සහභාගී වෙමින් සිටි තරුණිය ඇගේ පෙම්වතා හා මිතුරා අසළට ගොස් තරුණියව බලෙන් පැත්තකට ඇදගෙන විත් ඇත. 

පසුව ඇයට අයුතු යෝජනාවක් කර  ඇති බවත් එයට තරුණිය අකමැතිවූ අවස්ථාවේ ඇගේ තොල පැලෙන ලෙස වේගවත් පහර කීපයක් ගසා ඇති බවත් අධිකරණයේදී හෙළි විය. 

මෙම අවස්ථාවේ තම පෙම්වතිය වෙනුවෙන් ඉදිරිපත්වූ බ්‍රිතාන්‍ය ජාතිකයා මාලක වෙත පැමිණ ඔහුට පහරදී ඇත. මාලකගේ නාසයට වැදුණ බරපතල පහර නිසා ඔහු එතැන ඇද වැටී ඇත. මෙම අවස්ථාවේ මාලකගේ ආරක්ෂාවට පැමිණි පිරිස් බ්‍රිතාන්‍ය යුවළ හා මිතුරාට ප්‍රතිප්‍රහාර දීමට පටන් ගැනීම නිසා සමාජ ශාලාවේ ඇතිවී තිබෙන්නේ ගාල ගෝට්ටියකි.

විදේශිකයාගේ පහරදීම නිසා මාලකගේ නාසයේ සැත්කමක් පසුදා සිදු කරන්නට වූ බවත් ඔහුගේ නාසයේ කැලල දිගටම පවතින බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයේ කරුණු දක්වා තිබුණා.

සිද්ධියෙන් පසු මාලකගේ මිතුරෙකු ඔහුට පහරදීමක් ගැන පොලිසියට පැමිණිලි කළත් සීසීටීවී වාර්තා පදනම් කරගෙන මාලකව මුලින් අත්අඩංගුවට ගන්නට පොලිසිය ක්‍රියා කර තිබුණ අතර ඔහුගේ ආරක්ෂකයින් ඒ වනවිට අතුරුදන්ව සිටියා. 

ඔවුන් පසුව පොලිසියට භාරවූ අවස්ථාවේ අත්අඩංගුවට ගැනුණා.කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධ කරුණු විභාග වෙද්දී අදාළ විදේශික යුවළ නඩු විභාග සඳහා පැමිණෙන්නට මුලදී කැමැත්තක් දක්වා තිබුනේ නැත.
මාලක අත්අඩංගුවට ගෙන ඊයේට දින 27 ක් ගතව තිබුණි.

ඊයේ හඳූනාගැනීමේ පෙරට්ටුවට විදේශිකයින් දෙදෙනා පැමිණ සිටීම නිසා අධිකරණයේ විභාග කටයුතු පහසු විය. සිද්ධියට සම්බන්ධ අය ගැන විභාග කර වැඩිදුර විභාගයට ලබන මස 19 තෙක් කල් තබා මාලක හා ආරක්ෂකයින් ඊයේ ඇප මත මුදා හැරියා. 

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *