ජපානයේ මැක්ඩොනල්ඞ්ස් අවන්හල්වල ෆ්‍රෙන්ච් ෆ‍්‍රයිස් හිගයක් හටගෙන ඇතැයි වාර්තා වේ.
මේ සමග විශාල හා මධ්‍යම පරිමාණයේ ෆ‍්‍රයිස් ආහාරවේල් අලෙවි කිරීම අත්හිටුවා ඇති අතර කුඩා ප‍්‍රමාණයේ ෆ්‍රෙන්ච් ෆ‍්‍රයිස් ආහාරවේල් පමණක් පාරිභෝගිකයන්ට ලබාදීමට නියමිතය.
මැක්ඩොනල්ඞ්ස් සමාගමේ ප‍්‍රකාශකයකු පවසා ඇත්තේ තම අවන්හල්වල ෆ්‍රෙන්ච් ෆ‍්‍රයිස් අවසන් වනු ඇතැයි සැක මත ජපානය තුළ ඇති අවන්හල් 3100ක් සඳහා මෙලෙස ෆ‍්‍රයිස් අලෙවිය සීමා කිරීමේ නීති පණවා ඇති බවයි.
ඇමරිකාවේ බටහිර ඉවුරේ වරායන් 29ක වරාය සේවකයන් 20000ක් සහ පැසිපික් සමුද්‍ර සමාගම සමග කම්කරු අයිතීන් පිළිබඳව ඔක්තෝබරයේ සිට සාකච්ඡ සිදුවෙමින් පවතින අතර මේ හේතුවෙන් සියලූ අපනයනයන් අඩපණ වීම මෙයට හේතුවයි.
ඉහළ යන ඉල්ලූම වෙත කාර්යක්‍ෂමව මැදිහත්වීම සඳහා වරාය සේවකයන් සතු සම්පත් හිගවීමද මෙම ප‍්‍රමාදය සඳහා තවත් හේතුවක් බව පැවසේ.
ඇමරිකානු අර්තාපල් මණ්ඩලය පවසා ඇත්තේ ජපානය වෙත භාණ්ඩ අපනයනය සති දෙකේ සිට සති හතරක කාලයක් දක්වා ප‍්‍රමාද වී ඇති බවයි. ෆ්‍රෙන්ච් ෆ‍්‍රයිස් සඳහා ජපානයේ විශාලතම සැපයුම්කරු වන්නේ ඇමරිකාව වන අතර ආසියාවේ විශාලතම ෆ‍්‍රයිස් ආනායනකරුවා වන්නේද ජපානයයි.
මේ තත්වයට මුහුණ දීම සඳහා ශීත කළ ෆ්‍රෙන්ච් ෆ‍්‍රයිස් ටොන් 1000ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති අතර තවත් ටොන් 1600ක් ජනවාරි මස වන විට ළගාවීමට නියමිතය.
Wednesday, December 24, 2014
ජපානයේ මැක්ඩොනල්ඞ්ස් අවන්හල්වල ෆ්‍රෙන්ච් ෆ‍්‍රයිස් හිඟයක්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment