ඇමරිකාව මනස පාලනය කළ හැකි ඝාතකයින් බඳවා ගනිමින් සිටී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 1, 2014

ඇමරිකාව මනස පාලනය කළ හැකි ඝාතකයින් බඳවා ගනිමින් සිටී

සියොන්වාදී උන්මත්තකයන් විසින් පාලනය කරමින් ඇති ඇමරිකාව හා ඊශ‍්‍රායලය මැදපෙරදිග ගිනි ඇවිළවීම සඳහා මනස පාලනය කළ හැකි ඝාතකයින් බඳවාගැනීම හා පුහුණු කිරිම සිදුකරමින් ඇති බව වයෝමිංහි දේශපාලන ක‍්‍රියාධරයෙකු පවසා තිබේ.

ඇමරිකානු ආරක්‍ෂක පක්‍ෂයේ සාමාජික ජේ. බෲස් කැම්බල් පවසා ඇත්තේ අයිසිස් සංවිධානයේ නායකයා වන අබු බකර් අල් බැග්ඩෑඩි යනු ඇමරිකාව හා ඊශ‍්‍රායලයට නොව මුස්ලිම්වරුන්ට එරෙහිව ප‍්‍රහාර දියත් කිරිම සඳහා වන ත‍්‍රස්ත සංවිධානයකට නායකත්වය දීම වෙනුවෙන් සී.අයි.ඒ හා මොසාඞ් ඔත්තු සේවා විසින් පුහුණු කළ පුද්ගලයෙකු බවයි.

සියොන්වාදී හා ෆ‍්‍රැන්කන්ස්ටයින් උන්මත්තකයින් විසින් මෙහෙයවන ඇමරිකානු හා ඊශ‍්‍රායල රජයන් තමන්ට අවනත නොවන සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් පෙරළා දැමීම සඳහා උත්සහ කරමින් සිටින බව කැම්බල් පවසා තිබේ.

ඉස්ලාමික රාජ්‍ය සංවිධානයට හා සිරියානු රජය යන සතුරන් දෙදෙනාටම එරෙහිව සිරියානු සටන්කාමීන් පුහුණු කිරීමේ වැඩසටහනේදී ඇමරිකානු හමුදාව විසින් මනෝවිද්‍යාත්මක පර්යේෂණ සිදුකරනු ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත.

සිරියාවේ අසල්වැසි තුර්කිය, ජෝර්දානය හා සවුදි අරාබියේ සහයෝගය සමග සිරියානු සටන්කාමීන් පුහුණු කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා පසුගියදා පෙන්ටගනය හා සී.අයි.ඒ සංවිධානයට අවසර දී ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad