ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මේ දක්වා මැතිවරණ පැමිණිලි 510ක් ලැබී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
ඉන් පැමිණිලි 45ක් බරපතළ සිද්ධීන් වලට අදාළ පැමිණිලි වන අතර සුළු පැමිණිලි 465ක් ලැබී ඇති බව එම කාර්යාලය සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික්කයෙන් බරපතළ සිද්ධීන් වලට අදාළ පැමිණිලි 10ක් ලැබී ඇති බව සඳහන්ය.
අනුරාධපුරය දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 06ක් ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 05ක් ද, කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් පැමිණිලි 03ක් ද කොළඹ , කළුතර, මාතලේ, ත්‍රිකුණාමලය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලින් පැමිණිලි 02 බැගින් ද ලැබී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේය.
මීට අමතරව ගම්පහ, ගාල්ල, මඩකළපුව සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වලින් ද එක් පැමිණිල්ල බැගින් ලැබී ඇති බව සඳහන්ය.
Adaderana.lk
Wednesday, December 24, 2014
මැතිවරණ පැමිණිලි 500 පනී - 45ක් බරපතළයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment