අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් පී.ඩී නුගලියද්ද මහතා අද (24) එජාප පාර්ලිමේන්තු ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මහනුවර නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඉදිරි ජනපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන බව පැවසීය.
සිය තීරණය ගැන ඔහු මාධ්‍ය හමුවේදී මෙසේද කියා සිටියේය. තමන් 2009 සිට මේ දක්වා අගමැතිගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළ බවත්, 2013 පළාත් සභා මැතිවරණයේදී වැඩි මනාප ගත් කෙනාට මහඇමතිකම දෙන බව ජනපති කිවුවත්, වැඩිම මනාපගත් අගමැතිතුමාගේ පුතාට මහඇමතිකම තියා ඇමති තනතුරක්වත් නොලැබුණු බවත්, හෙතෙම පැවසීය.
මේනිසා එය කතාවට පමණක් සීමා වූ බවද, ක්‍රියාවෙන් සිදුනොවූ බවද, ඔහු පෙන්වාදුන්නේය. මධ්‍යමට, හම්බන්තොටට එක නීතියක් බවත්, කතානායකගේ පුතාට මහඇමතිකම දෙන්න පුළුවන් නම් අගමැතිතුමාගේ පුතාට දෙන්න බැරි ඇයි? යන ප්‍රශ්නය මතුවන බවත්, රටේ දෙවැනි පුරවැසියා ලෙසට අගමැතිතුමාට කළ නොහැකි දේ හම්බන්තොට මන්ත්‍රීවරයෙකුට කළ හැකි බවත්, හෙතෙම කියා සිටියේය.
අද සන්ධානය කල්ලි ගැහිලා සිටින බවත්, එජාපයෙන් ගිය අයත් දැන් හිතෙන් දුක් විඳින බවත්, ඔවුන් දැන් වෑංජනයකට දාන කරපිංචා රම්පේ වගේ බවත්, ඔහු පැවසීය.
අද කැපුවත් නිල් කියන පිරිසක් තමන් සමග පැමිණි බවත්, ගම්පොළ ආසනය මෛත්‍රිපාල මහතාගේ ජයග්‍රහණයට මෙහෙවන බවත්, ඊයේ ජනපති කාර්යාලයෙන්, අගමැතිගෙන් යන්න එපා යැයි බලපෑම් පැමිණි බවත්, හෙතෙම එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Adaderana.lk
Wednesday, December 24, 2014
දීමුගේ ලේකම් මෛත්‍රීට එක්වෙයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment